Saturday, September 6, 2014

විදුදය මිතුරන්ගේ කොමිටි මිටීමක්,,,,

විදුදය මිතුරන්ගේ කොමිටි රැස්වීමක් සාමාන්‍යයෙන් දෙමසකට වරක් කොමිටි සාමාජිකයෙකුගේ ගෙදර පැවැත්වෙනවා.ගෙදරක පවත්වන මෙවැනි රැස්වීමක් ඉතා වැදගත් වන්නේ නව පරිසරයක් තුලදී අපිට සුහද කතාබහකට ඉඩක් ලැබෙන නිසා පමණක් නොව සාකච්චාව අවසානයේදී රසවත් තේ පැන් සංග්‍රහයක්ද ගෙහිමි සාමාජිකයාගෙන් ලැබෙන නිසාය. මේ නිසා අප සියල්ලෝම 1960 දශකයේ විද්‍යොදය විශ්ව විද්‍යාලයේ ගත කල සරසවි මිහිරි සිසු දිවියට මනැසින් පිවිසීම නිරායාසයෙන්ම සිදුවෙනවා.
  මින් ඉදිරියට අපේ ද්විමාසික කොමිටි රැස්වීම් පවත්වන නිවසේ  සිටින අප සංගමයේ සාමාජිකයා/සාමාජිකාව  ගැන විශේෂ  හැඳින්වීමක් මෙම වෙබ් අඩවියෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරනවා. අප එසේ කරන්නේ මෙම වෙබ් අඩවියට පිවිසෙන අයට ක්‍රමානුකුලව සහ පියවරෙන් පියවරට අප සාමාජීකයන් ගැන මෙන්ම ඔවුන්ගේ  කුටුම්භය ගැනද අවබෝධයක් ලබා දීමටය.

මෙම අරමුණට අණුව යමින්  මේ වසරේ  මැයි මස විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරි,  නීතිඥමිල්ටන් වීරසිංහ මහතාගේ ගෙදර පැවති රැස්වීමේ විස්තර මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.
 විදුදය කඳුරට මිතුරන් ඉන්නා පහල තිබෙන ෆොටෝ එකේ වම් පැත්තේ හිටගෙන ඉන්න අයගෙන්  පළමුවෙන්ම ඉන්නෙ වීරසිංහ තමයි. විරේ විද්‍යොදය විශ්ව විද්‍යාලයේදී භූගෝලය විශේෂ උපාධිය තමයි හැදෑරුවේ.විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ටික කලක් මාර්ග ආය තනයේ සේවය කල ඔහු ඉන් ඉවත් වුනේ   වෙන්නප්පුව ධිවර සමුපකාර සමිතියේ සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කිරීමටයි. විරේ මෙම තනතුරේ කටයුතු   කරමින් සිටියදීම  කම්කරු නිලධාරි පත්වීමක් ලැබීමෙන් රාජ්‍ය සේවයට පිවිසියේය. දින 25ක් තරම් කෙටි කාලයක් එම තනතුර දරු විරේ ඉන් පසු ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුලත් විය. අවුරුදු 35 කට  අධික කාලයක් පරිපාලන සේවයේ විවිධ තනතුරු දැරූ  විරේ ඉන් විශ්‍රාම  ගත්තේ ඉඩම් සහ ඉඩම් සංවර්ධන  අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙක් ලෙසටය. රාජ්‍ය සේවයේ සිටියදීම නීති උපාධිය සමත්වූ  විරේ නීතිඥ වරයෙකු ලෙසද දිව්රුම්දී ඇත. විරේට ඉන්නේ පුතුන් දෙදෙනෙක්.එක් කෙනෙක් ඇමරිකාවේ පරිගණක ඉංජිනේරු වරයෙක් ලෙස සේවය කරන අතර අනෙක් පුතා විගණක නිලධාරි වරයෙක් ලෙස සේවය කරනවා. විරේගේ බිරිඳගේ නම මාලා. මේ ෆොටෝ එකේ විරේ සමගින් හිටගෙන  ඉන්නා අනෙක් අය නම් සූරී, සුමනසේකර, සුනිල්, සහ සමරසේකර ය.ඉඳගෙන ඉන්නේ අශෝකා, අයිරා සෙනවිරත්න, ලලිතා සහ මල්ලිකාය.





 ෆොටෝ එකේ අලුතින් දෙදෙනෙක් ඉන්නවා සූරී ලඟින්ම ඉන්නේ සුරිගේ බිරිඳ චන්ද්‍රා.ඉඳගෙන ඉන්නය අතරෙන් මල්ලිකා ලඟින් ඉන්නේ විරේගේ බිරිඳ මාලා.



































මේ කොමිටි සාමාජිකයන් හමුවේදී සිදුවුණු තවත් වැදගත් දෙයක් උනේ පසුගිය මාසයේ කල විදුදය කඳුරට මිතුරන්ගේ වස්ගමුවේ චාරිකාව ගැන ලියු වෙබ් ලිපිය කොමිටි සාමජිකයන්ට පෙන්වීමයි. වස්ගමුවේදී අපි කට්ටිය වන අලින්ට කොටුවූ පින්තුර අපි නැරඹුවේ මහත් සතුටින්.  


















මෙම පින්තුර ටික අඩංගු වෙබ් පිටුව නැරඹීමෙන් පසුව  විදුදය කඳුරට මිතුරන් වෙනුවෙන්ම විශේෂිතවූ වෙබ් අඩවියක් ඇරඹිය යුතුය යන අදහස ඇතිවිය .සභාපති සුරි එම අදහස මහත් කැමැත්තෙන් පිළිගත්තා.එහෙම තමයි විදුදය කඳුරට මිතුරන්ගේ වෙබ් අඩවිය බිහි උනේ.

මෙතන බර සාකච්චාවක් 



මෙතන තියෙන්නේ තේපැන් සංග්‍රහයේ දර්ශන