Wednesday, August 20, 2014

විදුදය කඳුරට මිතුරන්ගේ සමාජ සත්කාරයක්






විදුදය කඳුරට මිතුරන්ගේ එක පරමාර්ථයක් උනේ අපේ මිතුරු හමුව සාර්ථකව ඉදිරියට ගෙන යාමට සහ අප විසින් ඉදිරියේදී කිරීමට අදහස් කරන සමාජ සත්කාරයන් ඉටු කිරීමට ආධාරකයක් වශයෙන් අරමුදලක් ගොඩනැගීමයි.

 මේ අරමුණට ළඟාවීමට මුලින්ම අපේ සාමාජිකයන් විශේෂ පරිත්‍යාග කළා. මිට අමතරව අප අතරේ පමණක් බෙදා හැරුණු ලොතරැයියක්ද ආරම්භ කළා. සූරී,සුනිල්,මල්ලිකා,සහ අනෙකුත්  සාමාජිකයන්ගේ කැපවීම උඩ ලොතරැයිය සාර්ථක උන බැවින් අප සංගමයට රුපියල් ලක්ෂයට ආසන්න අරමුදලක් ගොඩ නංවා ගන්න හැකි උනා.මෙම මුදලින් රුපියල් 45000 කට ආසන්න මුදලක් වැය කර මහනුවර මහරෝග්‍ය ශාලාවේ පිළිකා රෝගීන් සඳහා ඇති වාට්ටුවට අවශ්‍ය කරන, රෝගීන්ගේ ඇඳ අසල තබන කබඩ් 10 ක් සපයා දීමට අප තීරණය කළා.මේ අතර අපේ හිතවතුන්  දෙදෙනෙක් විසින් කබඩ් දෙකක් සඳහා සම්පුර්ණ බර පැනද දරුවා. මේ අණුව අපට එම වාට්ටුව සඳහා අවශ්‍යවූ කබඩ් 12ම සැපයීමට අපට හැකි උනා.



පහල චායා රුපයෙන් දැක්වෙන්නේ කඳුරට විදුදය මිතුරන් විසින් එම කබඩ් පිළිකා වාට්ටුවට භාරදීමයි.සේයාරුව මැද (ටයි පටිය පැළඳ ) ඉන්නෙ එම වාට්ටුව භාරව ඉන්නා හිල්මි දොස්තර මහතාය. අන් අය විදුදය මිතුරන්ය. 










මෙතන සුනිල්, සූරී,උඩගෙ සහ තවත් අය දොස්තර මහතා සමග කතාබස් කරමින් .......





මෙතන ඉන්නෙ උකුවෙල,හිල්මි දොස්තර මහතා,සුමනසේකර,සුමනා,උඩගෙ,හේරත්,අශෝකා රත්නායක,සූරී සහ මල්ලිකා.


















හේරත්,උකුවෙල,සූරී,සුමනා,උඩගෙ,හිල්මි දොස්තර මහතා,සුමනසේකර,හේමසිරි රත්නායක,විරේ,සුනිල්,
අශෝකා,මල්ලිකා,රන්දෙනියහා සෙන. මල්ලිකාට පිටි පසින් ඉන්නෙ ප්‍රධාන හෙදි නිලධාරි බණ්ඩාර.






සමාජ සත්කාරයෙන් පසු අපේ මිතුරන් කිහිප දෙනෙක් .. මෙතන අලුතින් ඉන්නෙ ලලිතා ජයසුරිය මිතුරියයි.










Saturday, August 16, 2014

අපේ වාර්ෂික හමුව


විදුදය කඳුරට මිතුරන්ගේ වාර්ෂික හමුව මෙවරත් පැවැත්වුයේ ජුනි මස  19 වැනි දින  මහනුවර kandy lake club එකේදිය. එදින ඉදිරි දෙවසරක කාලයට නව නිලධාරි මණ්ඩලයක් තෝරා ගැනීම අරමුණු උනා.දැනට ඉන්නා නිලධාරි මණ්ඩලයේ අදහස උනේ අලුත් අයට තැනක් දීම වෙනුවෙන් පැරණි නිලධාරින් ඉවත්විය යුතුය යන්නයි.එහෙම උනත්  වැඩි දෙනාගේ අදහස උනේ  දැන් ඉන්නා නිලධාරි මණ්ඩලයම  ඉදිරි දෙවර්ෂය වෙනුවෙන්ද පත්වියයුතුය යන්නය. ඒ උනත් ලේකම් අයිරා සහ භාණ්ඩාගාරික සුනිල් තම තනතරු වෙනස් කල යුතුමය කියා බල කල නිසා ලේකම් ධුරයට මල්ලිකාද භාණ්ඩාගාරික  ධුරයට විරේද පත්කරගෙන මුලින් සඳහන් කල දෙපල කාරක සභාවට පත්කරගත්තා.

ගතවූ කාලයට අදාලව ප්‍රගති වාර්තාවසහ  ගිණුම් වාර්තාව ඉදිරිපත් කර සම්මත කරගැනීමත් ඉදිරි වර්ෂය වෙනුවෙන් සාමාජික මුදල් එකතු කරගැනීමත් මෙහිදී සිදු කෙරුණා. සමිතියේ අරමුදලින් රුපියල් 45000.00ක් වැයකර  මහනුවර මහාරෝග්‍ය ශාලාවේ පිළිකා වාට්ටුවේ ප්‍රයෝජනය සඳහා සැදු  කබඩ්   භාර දීම ගැනද සාකච්චා උනා. මේ වසර මුලදී අප කල හෝර්ටන් තැන්න සංචාරය, 2014 ජුනි මාසයේදී අපි කල වස්ගමුව සංචාරය සහ එදින පැවැත්වූ පැදුරු පාටිය ගැන මහත් උනන්දුවෙන් සිහිකළ අපි මෙම වසරේ තවත් චාරිකාවක් යාමට මෙන්ම පොහොය දිනක  සිල් සමාදන්වීමේ වැඩසටහනකට සහභාගී වෙන උවැසියන් වෙනුවෙන් දහවල් දානය සැපයීමටද තීරණය කළා.  රැස්වීම අවසන් උනේ දිවා ආහාරයකින්ය.

  සුපුරුදු අන්දමින්මවාර්ෂික හමුව ගැන විස්තර සේයා රු මගින් ඉදිරිපත් කරනවා. මෙවරද ෆොටෝ ගත්තේ භාණ්ඩාගාරික සුනිල් දිසානායක සොයුරාය.




මෙතන සභාව ආරම්භ කිරීමේ ආරම්භක අවස්තාව ලෙස පොල්තෙල් පහන දල්වන්නේ සභාපති සුරිය කුමාර මහතායි. නන්ද ජයරත්න සහ අයිරා දෙපැත්තෙන්ද උඩගෙ පිටිපස්සෙන්ද ඉන්නවා.









මේ සභාවට පැමිණි විදුදය මිතුරන්ගෙන් කොටසක්. නන්ද ජයරත්න මුලින්ම පෙනෙන අතර ඉලන්ගේ ඊළඟට ඉන්නවා.ඊළඟට ඉන්නෙ උඩගෙ. 






මෙතන ඉන්නෙ දිවා ආහාරය ගන්නා මිතුරන්ගෙන් කොටසක්. සුරිගේ සහ විරේගේ නෝනලා වන චන්ද්‍රා සහ මාලා   සමග බර කතාවක් කරමින් මේ මැද  ඉන්නේ චන්ද්‍රා දිසානායක. මේසේ කෙරවලේ සතුටුසාමිචියක යෙදෙමින් ඉන්නේ මිතළාව සහ  ආනන්ද ජයරත්න.





මෙතැනදී සාකච්චා කරමින්  දිවා ආහාරය  ගන්නේ හේරත්, සුනිල්, සමරසේකර සහ කමලා.






මෙතන වම් පැත්තේ මුලින්ම ආහාර ගන්නේ හේරත්. ඉලන්ගේ මෑතකදී පල කල පොත ගැන කමලාට විස්තර කරනවා. ඒ ලඟින්ම ඉඳ ගෙන ආහාර ගන්නේ ලලිතා ජයසුරිය සහ ඇගේ සැමියා. ඊළඟට ඉන්නේ උඩගෙ .







මෙතන හිටගෙන ඉන්නෙ සිරිවර්ධන  . සිරිවර්ධන මේ සැරේ තමයි සාමාජිකත්වය ගත්තේ. 















අපි ගැන විස්තර බිඳක්,


1960 දශකයේ ශ්‍රී ලංකා විද්‍යොදය විශ්ව විද්‍යාලයේ විවිධ පීඨයන් තුල තම අධ්‍යාපනය හැදෑරු අප තුල එකල පීඨයන් වශයෙන් සහ හැදෑරු විෂයයන් වශයෙන්ද වෙනස් කම් තිබුනි . එසේම දේශපාලන මති මතාන්තර වශයෙන්ද වෙනස් කම් තිබුණි. නමුත් ඒ හැම වෙනස්කමක්ම  පරයා අප අතර පැතිර තිබු මිතුදම මුල් තැනක් ගත්තේය. අප එකට එකතු කළේය. එම එකතු කිරිම මත නැංවුණු ලෙන්ගතුකම තවමත් අප අතර ඇත.එකල භද්‍ර යව්වනයේ සිටි අප සියලු දෙනාම අද සැටවිය පිරුණ අය උවත්,විවිධ රැකියා කරමින් සමාජයේ විවිධ ස්තර වල සිටියත්,විවිධ සරසවි වල විවිධ පාඨමාලා හැදෑරීමේ භාග්‍ය ලැබුවත්, එදා විදුදය සරසවි පිං බිමේදී අප අතර තිබු ලෙන්ගතුකම අදත් අප සියල්ලෝම එකට බැඳ තබා සිටියි. අප  සිතින් තවමත් විදුදය සරසවි ශිශ්‍යයෝ වෙමු. මෙම වෙබ් අවකාශය වෙන් වෙන්නේ ඒ එකමුතුකම වෙනුවෙන්ය.

මෙම වෙබ් අඩවිය අරඹා දින 03ක් ඇතුලත විශාල දෙස් විදෙස් සහෘදයන් පිරිසක් එය නැරඹීමට පැමිණීම නිසා අප තවත් ධෛර්‍යමත් උනා. එබැවින් මෙම වෙබ් අඩවිය තවදුරටත් යාවත්කාලින කිරීමට අප තීරණය කළා. මුල් අවධියේදී මෙය ශ්‍රී ලංකා විද්‍යොදය විශ්ව විද්‍යාලයේ සහ විද්‍යොදය මණ්ඩපයේ    උගත් මහනුවර,මාතලේ,නුවරඑලිය,බදුල්ල,කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල පදිංචි    ආදී විද්‍යාර්ථින් සඳහා  සිමා උනත් පසුව එය ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උගත් ආදී විද්‍යාර්ථින් දක්වා පුළුල් කිරීමට අප බලා පොරොත්තු වෙනවා.එබැවින් අප නිහතමානිව ඔබගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් අප වෙත ලඟාවිය හැකි නම් සහ දුරකථන අංක ඉදිරිපත් කරනවා.

විදුදය කඳුරට මිතුරෝ ප්‍රවර්ධකයෝ 
සුනිල් දිසානායක මහතා දුරකථනය 00940718392749
නීතිඥ චන්ද්‍රරත්න කෙහෙල්පන්නල      මහතා 0094 0727112200.
සභාපති, සුරියකුමාර පෙරේරා             මහතා දුරකථනය  00940812310298 
ලේකම්,මල්ලිකා උකුවෙල මහත්මිය දුරකථනය 00940812224326 
භාණ්ඩාගාරික නීතිඥ එම්. වීරසිංහ මහතා , දුරකථනය 
 00940714466316 
ඊ මේලය, vidudayamithuro98@gmail.com