Saturday, August 6, 2016

විදුදය කඳුරට මිතුරෝ වාර්ෂික රැස්වීම - 2016



2016 වසරේ විදුදය කඳුරට මිතුරන්ගේ  වාර්ශික රැස්වීම පැවැත්වුයේ පොල්ගොල්ල මහවැලි සංචාරක නිකෙතනයේදීය.   මේ අපේ බැනරය රැස්වීම ශාලාවේ  පසෙකින්  එල්ලා ඇති  ආකාරය 





සභාපති සුරිය කුමාර  පොල්තෙල්  පහන දැල්වීමට  ආරාධනය කරමින් 






ලේකම්   මල්ලිකා පොල්තෙල් පහන දල්වමින් 







මේ  නන්ද ජයරත්න  පහන   දැල්වීමට එක් වෙමින්  





මේ ඉළඟන්ගසිංහ පහන   දැල්වීමට එක් වෙමින් 








රැස්වීමට පැමිණි  විදුදය මිතුරන්ගෙන් කොටසක් 







වාර්ෂික  සාමාජික මුදල් එකතු  කිරීමේ නිරතවී සිටින භාණ්ඩාගාරික මිල්ටන්  වීරසිංහ  සහ ගිණුම් පරීක්ෂක අයි.එච්.කරුණාරත්න 





 පොල්ගොල්ල මහවැලි සංචාරක නිවාසයේ මනරම් දර්ශන කිහිපයක් 








ලස්සන මෙන්ම ඉඩ ඇති කාර්  පාර්ක් එකකුත් තිබුනා 









ආගමික වතාවත් සහ මියගිය සාමාජිකයන් සහ රණවිරුවන් සිහිකිරීමෙන් පසු රැස්වීමේ වැඩකටයුතු ආරම්භ උනා.  පසුගිය වර්ෂයේ ප්‍රගති වාර්තාව ඉදිරිපත් කිරීමේදී ඒ ඒ කාර්ය කටයුතු වලදී ගත් චායාරූප ආශ්‍රයෙන් දර්ශන පෙළක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුනා. සාමාජිකයෙකු නොවුනත් අපේ සංගමයේ සෑම කටයුත්තකදීම සහාය වන ජයන්ත ජයසුරිය මහතා විශේෂ කැපකිරීමක් කර අදාල සේයාරූ  සංස්කරණය කර තිබුනා. රැස්වීම පැවති සම්පුර්ණ කාලය තුලදීම විදුලි බලය කපාහැර තිබු නිසා එම ඉදිරිපත් කිරීම කරන්නට බැරි උනත්  ලේකම් මල්ලිකා උකුවෙල පසගිය මහසභාවේ රැස්වීම සහ ප්‍රගති වාර්තාව ඉදිරිපත් කල අන්දම 









විදුලි පහනක  ආධාරයෙන් මහ සභාව  හසුරුවන සුරිය කුමාර 



වාර්තාවට  සවන් දෙන විදුදය මිතුරන්  කොටසක් 






























වාර්තාව සම්මත කිරීමට යෝජනා කරමින් 





අලුතින් එක්වුණු සමාජිකයන් තමන් හඳුන්වා  දෙමින් 




මේ තමන් හඳුන්වා දෙන කරලියද්ද 








සාකච්චා වාරයේදී අදහස් පල කරන විජේකෝන් 







අයිරා ජයසිංහ 




මේ වසරේ සැප්තැම්බර් මස යාමට නියමිත නැගෙනහිර පළාතේ දෙදින සංචාරය ගැන විස්තර කරන සුරිඅ කුමාර පෙරේරා 



ලබන වසරේ  යාමට  නියමිත දඹදිව සංචාරය ගන විස්තර කරන නන්ද ජයරත්න 





සම්ප්‍රදායික වන්දනා ගමනට බැහැරව සකස් කරනු ලබන මෙම  චාරිකාව තුලින් වන්දනාව,අධ්‍යාපනය මෙන්ම විනොදයද සැපයෙන බව විස්තර කල නන්ද ජයරත්න සංචාරයෙන් අතිරික්තයක් උපදී නම එය සංගමයේ අරමුදලට එක් කරන බවද පැවසුවා.

මේ  දඹදිව සංචාරය ගැන  අදහස් පල කරන මිතුරන් 






විදුදය සරසවිය බැලීම චාරිකාව සංවිධානය කල  චන්ද්‍රා හේරත් එම මතකය අවදි කරමින් 






ගිණුම විගණනය කල ආකරය විස්තර කරන ගණන් පරීක්ෂක  අයි  .එච් . කරුනාරත්න 



විදුදය මිතුරියක වන කමලා තිලකරත්න විසින් රචිත ළමා කෙටි කතා පොත එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුනා.








අනතුරුව එළඹියේ සංගමයේ ඉදිරි දෙවසක් කාලය තුල කටයුතු කිරීමට නව නිලධාරි  මණ්ඩලයක් තෝරාපත් කර ගැනීමය. වෙර්තමාන නිලදාරී මණ්ඩලයම ඉදිරි දෙවසරක කාලටද පත්වීම සිදු නෙ සියල සාමාජිකයන්ගේ එකච්චන්දයෙනි.


උප ලේකම්  සමරසේකර සංගමයේ  සුමට ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමට  සාමාජික ගාස්තු වලින් ඔබ්බට ගොස් සාමාජිකයන්ගෙන් ස්වෙශ්චාවෙන් ලබා ගන්නා   පරිත්‍යාග තුලින් මුදල් එක් රැස් කරගතයුතුය යන යෝජනාව ඉදිරිපත් කරමින්  




එම යෝජනාව ස්ථිර කල සේන  ජයරත්න 


විජේකෝන්  අරමුදල සඳහා මුලින්ම රුපියල් 5000ක්  පරිත්‍යාග කරමින් 




කමලා අරමුදල සඳහා රූපියල් 10,000ක් පරිත්‍යාග කිරීමට කැමැත්ත  පල කර, මේ  අවස්ථාවේදී ඉන් රුපියල්  2000ක්  පරිත්‍යාග කරමින් 











අලුතින්  සාමාජිකත්වය ලැබූ කරල්ලියද්ද  අරමුදල  සඳහා රුපියල් 1000ක  පරිත්‍යාගයක්  කරමින් 


රැස්වීමේ අවසාන කොටසට ඇහුන්කම් දෙන මිතුරන් 





















දිවා ආහාරයෙන් පසු රැස්වීම අවසන් විමට නියමිතව තිබුනත් මේ එම කාලය අපතේ නොහැර  ඒ අතරතුරදී ඉන් උපරිම පල නෙලා ගනිමින් මදුවිතකින් සතුටු වෙන මිතුරන් කොටසක්,















































සුපුරුදු ගීත ගායනයත් නර්තනයත්කෙරුනා.