Sunday, November 8, 2015

ධර්ම සාකච්චාව






විදුදය කඳුරට මිතුරන් විසින් ප්‍රකට දේශකයන් වහන්සේ නමකට ආරාධනය කර ධර්ම දේශනයක් පැවැත්විය යුතුය කියා අපේ මහා සභාවේ අදහසක් පැන නැගුනා. ඒ  අනුව 07.11.2015 දින මහනුවර තරුණ බෞද්ධ සමිති ශාලාවේදී මඩවල පුන්නජි නායක ස්වාමින් වහන්සේ ධර්ම දේශනයකට වැඩමිමවුවා. අපවත්වී වදාළ මඩිහේ පඥාසීහ  නායක හාමුදුරුවන්ගේ ජේෂ්ඨ ශිෂ්‍යයෙයෙක් වන  ආචාර්ය මඩවල පුන්නජි නායක හාමුදුරුවෝ බොහෝ කලක් අපරදිග වැස්සන් අතර  බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමට කාලය වැය කරමින් සිට මේ දිනවල වැඩ වාසය කර න්නේ  මැලේශියාවේ Brick field  බෞද්ධ අරාමයේය. පුන්නජි නායක හාමුදුරුවෝ මහන වීමට පෙර ශෛල්‍ය වෛද්‍ය වරයෙකු ලෙසද සේවය කර තිබුනා. එමෙන්ම මහන වුවාට බුද්ධ ධර්මය ගැන වැඩිදුර අධ්‍යාපනය ලබමින් ආචාර්ය උපාධියකුත් ලබා තුබුණා.    සාමාන්‍යයෙන් පෙරදිග වැස්සන්ට වඩා අපරදිග වැස්සන් බුදුදහම අධ්‍යන කිරීමෙන් අධ්‍යාත්මක සංවර්ධනයක් අපෙක්ශා කරන නිසා පුන්නජි  නායක හාමුදුවන්ගේ බණද අප මෙතක් කල් අසා ඇති බන වලට වඩා වෙනස් නව ආරක් ගනියි කියා අප අතර සිතුවිල්ලක්ද තිබුනා. මේ ධර්ම දේශනය පැවැත්වීම සංවිධානය කිරීමේ කාර්‍ය සම්පුර්ණයෙන්ම තම උරහිස මතට ගෙන එය මැනවින් යතාර්ථයක් බවට පත් කලේ  විදුදය මිතුරු සාමාජික සේන ජයරත්න මහතාය. ඔහුගේ සොහොයුරු විදුදය මිතුරු සාමාජික නන්ද ජයරත්න මහතාගෙන්ද ඊට අනගි සහායක් ලැබුනා.සේන ජයරත්න මහතා මේ ධර්ම දේශනාව පැවැත්වීම වෙනුවෙන් මහනුවර් කිංස්වුඩ් ආදී ගුරු සංගමයේද අනුග්‍රහකත්වය ලබාගෙන තිබුනා. මහනුවර නගරයේ ඇති වාහන තදබදයට හසුවීම  නිසා පුන්නජි නායක හාමුදුරුවන්ට රැස්වීමි ශාලාවට  පැමිණීමට විනාඩි 45ක පමණ ප්‍රමාදයක් ඇති වුනා.     


මේ මුතුකුඩය යටින් නායක හාමුදුරුවෝ වඩම්මාගෙන එන සමරසේකර සහ නායක හාමුදුරුවන්ගේ පා දෝවනය කිරීමට සරසි සිටින සුනිල් දිසානායක. සේන ජයරත්න නායක හාමුදුවන් පිළිගැනීමට මග බලා ඉන්නවා.





සාදු කියමින් නායක හාමුදුරුවන්ට  වඳින සැදැහැවතුන් 















නායක හාමුදුරුවන් සමග පසු ගමන් කරන නන්ද ජයරත්න 






නායක හාමුදුරුවන් ධර්මාසනයට වඩම්මවමින් 















ධර්ම දේශනයට  ආරාධනය කරන නන්ද ජයරත්න 




ධර්ම දේශනයේ පරමාර්ථය, සහභාගී වන්නන් සහ අනුග්‍රාහකයන්   මෙන්ම නායක හාමුදුරුවන් අසන්නන්ට   හඳුන්වා දීමේ කථාව  කරන නන්ද ජයරත්න 










ධර්ම දේශනය කරන නායක හාමුදුරුවෝ 











ධර්මය අසන ශ්‍රාවකයෝ 































නායක හාමුදුරුවන්ගේ  ධර්ම දේශනය අප බලා පොරොත්තු ආකාරයටම නව ආරක් ගත්තා. උන්වහන්සේ  දේශනා කලේ සම්මුති සත්‍ය වන මම කියා කෙනෙක් නැති බවත්, ඇත්තේ සතර මහා ධාතු වලින් තැනුණු ආයතන 6ක් බවත් එකී ආයතන උවත නිරන්තරයෙන්ම වෙනස් වීමට භාජන  වන නිසා උපන් බිලින්දාට වඩා හාත්පසින්ම වෙනස් අයෙක් තරුණ කල විවාහයට අැතුලත් වන්නාසේම  ඊට හාත්පසින්ම වෙනස් මහල්ලෙක් මිය යමින් සිටින බවත් පැහැදිලි කළා. එමෙන්ම විඥාණය,මන හා සිත වශයෙන් කොටස් තුනක් ඇති බවත් මේ සියල්ලම ඇත්තේ මිනිස් සිරුර තුල නිසා මරණයෙන් පසු බැහැරට යන යමක් නැති බවත් නැවත ප්‍රති සන්ධියක් සිදු වන්නේ බැහැරට යන විඥාණයක්  නිසා නොව මිය යන චුති චිත්තිය හේතු කොට ගෙන බවත් පැහැදිලි කළා. ධර්ම දේශනයෙන් අනතුරුව සාකච්චාව සඳහා කාලාක් ලැබුනත් කාලය ප්‍රමාණවත් නොවීම නිසා අපා නිරාකරණය කරගතයුතු ගැටළු රැසක්ම ඉතිරිව තිබුනා. මේ නිසා අප දැන් සාකච්චා කරමින් ඉන්නේ න්වහන්සේගේ ධර්ම දේශනයෙන් පන නැගුන ගැටළු ගැන ප්‍රමාණවත් සාකචචා වාරයක් පැවත් වීමටය. එයටත් සේන ජයාරත්න මහතා මුලික වෙනු ඇත.   






නායක හාමුදුරුවෝ ධර්ම දේශනය අවසන් කරමින් 






නායක හාමුදුරුවන් ආපසු මුතුකුදය යටින් වඩම්මවන මහනුවරා තරුණ බෞද්ධ සමිතියේ සහුර්දයෙක් 



Wednesday, October 28, 2015

අපේ තිරිකුණාමලේ සංචාරය - 2- කොටස



පහුවදා උදෙන්ම සුරියි වීරෙයි  දෙන්නා මේ සාකච්චා කරන්නේ අප කණ්ඩායමේ නවාතැන් පිරිවැය  ගෙවන අතරතුරේදී අද දින නැරඹිය යුතු තැන් සහ ආහාර පාන  ගන්නා ආකාරය ගැනයි. සර්වෝදයේ නවාතැන් සහ රැ කම හොඳයි. මෙවැනි ගමනක් සංවිධානය කරන යාලුවන්ගේ දැනගැනීමට කරුණු ටිකක් එකතු කරනවා නම් අප එක් අයෙකුගෙන් එකතු කලේ රුපියල් 2500.00ක් විතරයි.මේ ගණන අදාළ වෙන්නේ බස් රියට,නවාතැන් සහ ආහාරපාන වලට විතරයි.  හැබැයි සින්දු වතුර වලට එ්කට අදාල අයලුන්ගෙන් වෙනමම එකතු කරන්න ඕනෑ. ටිකක් මහන්සිවී පෙර වැඩ කරනවා නම් මේ මුදල හොඳටම ඇති.  






මේ අපේ කණ්ඩායමෙන් ඒ වෙලාවට එකතු කර ගන්න පුළුවන් උන අයගේ සමුහ චයාරෑපය.





උදේ තේ එකෙන් පසු සර්වොදයෙන් සමුගත් අපි අපේ උදය ආහාරය ගත්තේ තිරිකුනාමලේ වෙරළ අයිනේම තියෙන පිට්ටනියෙ. උදේට තිබ්බේ මාළු හොද්දක් සහ සම්බෝල සමග පාන්.අපිට මාළු වියන්ජ්නය සමග සම්බෝල ලැබුනේ තිරිකුනාමලේ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේතුවේ මංජුල බණ්ඩාර මහතාගේ අනුග්‍රහයෙන්. අප නොදක තිබුනත් සේනගේ දුරකථන පණිවිඩය පිළිගත් මංජුල මහතා ඉතා රසවත් කෑම වේලක් අප වෙනුවෙන් සම්පාදනය කර තිබුනා.


පළමුවෙන්ම අපි ගමන් කලේ ගෝකන්න විහාර පුද බිමටයි.මේ ගෝකන්න විහාර භුමියේ  එහෙම නැත්නම් අද කවුරුත් කියන කොනේශ්වරම් පුදබිමේ ඉන්නා මුවන්  කිහිප දෙනෙක්. අපි නම් මෙවර දැක්කේ මුවන් දෙදෙනෙක් විතරයි.












අපි කෝනෙශ්වරම් දේවාලය තුලට ගියේ නැති නිසා ඒකෙ සේයාරූ  ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ. මේ දේවාල භූමියෙන් ආපසු එන අපේ ගමන් සගයන්  කිහිප දෙනෙක්.








මෙතැන ඉන්නේ සුනිල්,චන්ද්‍රා සහ විනිතා 







මෙතන ඉන්නේ චන්ද්‍රා, විනිතා, සමරේ, අමන්දේ, කමලා සහ තිලකරත්න 





මේ කොනේශ්වරම් පුද බිමේ දකුණු පසින් පෙනෙන සුන්දර මුහුදේ දර්ශන  පෙළක්.



























මුහුදේ දර්ශන සමිපව නරඹන්න යන ගමන් සගයෝ 

























මාළු අල්ලන්න යන මලේ  ධිවර බෝට්ටු සිය ගමන අරඹන්නේ දේවාලයට පොල් ගැසීමෙන්  මේ එසේ පොල් ගැසීමට දේවාලයේ පාදම අසලට පැමිණෙන  බෝටුවක්. 














මේ පුදබිමේ වම් පසින් පෙනෙන දසුනක් 






සේරු නුවරට යන අතරතුරේදී මුත්තුර් යාමට පෙර මුහුදු වෙරළ ආසන්නයේ තිබුන කරවල වෙළඳසැල් බලන්න අපේ කණ්ඩායමේ ඔක්කොම ටික ගියා. නුවරට වැඩිය මෙහෙ කරවල මිල ගණන් අඩුයි. ඒවගේම අලුත්. කණ්ඩායමේ ඔක්කොම වාගේ කරවල උම්බලකඩ  ඇති තරම් ගත්තා. වැඩියෙන්ම ගත්තේ නන්ද ජයරත්නයි. එයා කොච්චර කරවල ගත්තා කියල කියනවා නම් එ් කරවල ටික කඩේ සේවකයෙක් විසින්ම බස් එක ලඟට ගෙනවිත් දුන්නා. අපි ගත්ත මුළු කරවල තොගයම බස් එකේ ඩිකියේ අසුරා ගත්ත නිසා කරවල රැගෙන ඒමේ අපහසුතාවයක් නම් ඇති උනේ නැහැ.

අප ඉන්පසු ගියේ සේරු නුවරට. ඉස්සර වෙලාම කරන්න තිබුනේ එදිනට ගැනීමට නියමිත දිවා ආහාර පාර්සල් ලබා ගැනීමයි. නමුත් සම්බන්ධිකරණ ගැටළුවක්  නිසා ඒක ලැබෙන එක ටිකක් පමා උනා. මේ දිවා ආහාර පාර්සල් ලැබෙන තුරු අප රැඳී සිටි පලතුරු කඩය. 







පලතුරුකඩය අසල ගොවි බිමේ දර්ශනයක් 




මේ අපි වන්දනා කල සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයා. බුදුරජුන්ගේ ලලාට  ධාතුන් වහන්සේ මෙතැන  නිධන් කර තිබෙනවා. 















අපි මේ  චෛත්‍ රාජයා අසලට එන කොට මධ්‍යානය අවසන් වෙලා තිබුනේ නැහැ. ඒ  නිසා හිරුරැස් වැටීමෙන් සලපතල මළුව රත්වෙලා තිබුනෙ. කොහොම උනත් අපි අමාරුවෙන් චෛත්‍ය  මළුවේ වටේටම එක පාරක් පැදකුණු කළා. එසේ පැදකුණු කරමින් යන විට එක් එක් කෝණයෙන් චෛත්‍ය  පෙනුන අන්දම තමටි මේ.































මේ සේරුවිල පුනර්ජිවයට මුල පුරු දඹගසාරේ  සුමේධංකර නායක හාමුදුරුවන්ගේ මුර්තියේ සේයාරූ කිහිපයක් 
























ඉන්පසු අප ගියේ ලංකාපටුන විහාරය වන්දනා කිරි මටයි. ඉතිහාසයේ කියවෙන්නේ හේමමාලි කුමරිය  හා දන්ත කුමරුන් ඉන්දියාවේ කාලිංග දේශයේ සිට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රැගෙන ලංකාවට ගොඩ බැස්සේ    ලංකා පටුනින්   බවයි.

 මේ ලංකාපටුන තොටුපලේ වම් පැත්තේ දර්ශනයක්. මෙතන ඉඳලා බෝට්ටුවෙන් ඉතා සුළු දුරක් ගොස් මුහුදුමහා විහාරයට යන්න ඕනෑ. බෝට්ටු ගාස්තු එක් අයෙකුට රුපියල් 30ක් පමනයි.











අෑතින් පෙනෙන මුහුදු මහා විහාරය පසුබිමේ ඇතිව හදාගෙන යන පාලමේ දර්ශන. මේ පාලම හදන  වැඩ දැන්නම් නැවතිලා තියෙන්නෙ.  





















බෝට්ටුවේ ගමනාන්තය වන දකුණු ඉවුර 


මුහුදු මහා විහාරයේ වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ 










චෛත්‍ය රාජයාගේ සමීප දසුනක් 


















මේ චෛත්‍ය පසෙකින් පිහිටුවා ඇති මනස්කාන්ත ස්වර්නාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සේයාරූ 














මෙතන ඉන්නේ මාලා,විරේ සහ සමරේ 





මෙතන විරේ,මාලා,කමලා තිලකේ සහ සමරකෝන් 






අෑතින් පෙනෙන ඉන්දියන් සාගරයේ මනස්කාන්ත දර්ශනයක් 





මේ අපි ආපසු එන ගමනේදී කන්තලේ අසල කසල ගොඩක රැස්ව සිටි අලි රංචුවක්. මිනිසුන් විසින් ඇතිකරන විනාශයට වන අලින් ගොදුරුවීම අතිශයෙන්ම ඛේදවාචකයක්  වෙලා.








මේ කන්තලේ වැවේ මනරම් දර්ශන පෙලක්