Thursday, May 21, 2015

මැයි මස කොමිටි රැස්වීම



විදුදය කඳුරට මිතුරන්ගේ 2015 වසරේ මැයි මස පැවැත්වූ කොමිටි මීටිම  පැවැත්වුයේ පැවැත්වුයේ කොමිටි සාමාජික ඩබලිව්. ඇම්.කේ. සමරසේකර මහතාගේ නිවසේදීය. සුපුරුදු විධියට චායාරුප ආධාරයෙන් විස්තරය ඉදිරිපත් කරනවා.මෙවර චායාරුප ගත්තේ එදින පැවති කොමිටි රැස්වීමේ සත්කාරක ඩබලිව්. ඇම්.කේ. සමරසේකර විසින්මයි.
ලැප්ටොප් ඒක ආධාරයෙන් යමක් විස්තර කරන්නේ සමරසේකර මහතා. ඒ ලඟින්ම ඉඳගෙන ඉන්නේ සෙනවිරත්න මහත්මිය සහ අයිරා මහත්මිය . සභාපස්හි සුරිය කුමාර මහතා සහ ලේකම් මල්ලිකා මහත්මිය එදින රැස්වීමේදී සාකච්චා කල යුතු කරුණු ගැන විමසමින් ඉන්නවා. එම සාකච්චාව දිහා ඉහා ඕනෑකමින් බලා ගෙන ඉන්නේ සේන මහතා. හේරත් මහතාද මෙතන හිටියත් කැමරාවට පිටුපා ඉඳගෙන ඉන්නා නිසා පෙනෙන්නේ නම් තට්ටය විතරයි. 






සාකච්චා කල යුතු කරුණු ගැන කරුණාදාස උඩගෙ මහතා යමක් සටහන් කරමින් ඉන්නවා.








සාකච්චාවේදී තිරණය උනේ ජුලි මස 25 දින කඳුරට මිතුරන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමටයි  




සාකච්චාව යන අතරතුරදී  අපි අපේ  සරසවි දිවියේ ගතකල අවධියේ සිදුවූ මතකයන් නැවත වරක් සිහියට ගෙන රස විඳින්නත් අමතක කලේ නැහැ. 






එම රැස්වීමට පෙර අප විසින් සංගමයේ අරමුදල් තර කරගැනීමට පැවැත්වීමට අපේක්ෂිත ලොතරැයියේ ටිකට් විකිණීමේ ප්‍රගතිය ගැන විමසා බලමින් ඉන්නා සභාපති සුරිය කුමාර මහතා.






එම තොරතුරු ඉදිරිපත් කරමින් විස්තර ඉදිරිපත් කරන්නේ ලේකම් මල්ලිකා උකුවල මහත්මිය. මේ දිනවල භාණ්ඩාගාරික වීරසිංහ මහතා සහ පරාවර්තක සුනිල් දිසානායක මහතා විදේශ ගතව සිටිනා බැවින් ලොතරැයිය  සංවිධාන කටයුතු මෙන්ම වාර්ෂික මහා සභාව රස්කරවීමේ මුලික වැඩ කටයුතු වල මුල් තැනක් මේ දෙන්නාට ගන්න වෙලා තියෙනවා.















විද්‍යුත් මාධ්‍යයක දායකත්ව ලබා ගෙන ධර්ම දේශනාවක් පැවැත්වීමේ අදහසද සාකච්ඡා උනා.



විදුදය සරසවියේ දිනක් ගත කිරීමට චාරිකාවක් යාම ගැනත් කොමිටිය සාකච්චා කළා .











මේ සාකච්චාවට ඕස්ට්‍රේලියාවේ ඉන්නා සුනිල් දිසානායක මහතා skyp තාක්ෂනය ඔස්සේ සම්බන්ධ උනා. මේ සුනිල් සමග සාකච්ඡා කරන කොමිටි සාමාජිකයන්ගෙන් කොටසක්. සබන්ධිකරන ගැටලුවක් නිසා සුනිල්ට සාකච්චාවට කලින් පැය දෙකක්ම කොම්පියුටරය ලඟට වෙලා ඉඳගෙන ඉන්න වෙලා තිබිලා තියෙනවා.  















 අගෝස්තු මස වාර්ෂික මහා සභාව පවත් වුවොත් තමාට ඊට සහභාගී විය නොහැකි යයි කරුණාදාස උඩගේ මහතා කියන්නේ ඒ මාසයේදී ඔහු විදේශ ගතවීමට නියමිත බව ප්‍රකාශ කරමින්ය.  ඊළඟ කොමිටි රැස්වීම වාර්ෂික මහසභාවට කලින් හේරත් මහතාගේ නිවසේදී පැවැත්වීමට තීරණය වුන අතර කරුණාදාස උඩගෙ මහතා  අසලින්ම  ඉන්නේ  හේරත් මහතායි.







කොමිටි රැස්වීමේ අවසානයට තිබුණේ සිරිත් පරිදි කෙරෙන තේ පැන් සංග්‍රහයයි. මෙතැන් ඉන්නේ ජයන්ත මහතා සහ සේන මහතායි.







සංග්‍රහ කටයුතු කෙරුනේ විනිතා සේනාරත්න මහත්මිය විසින්ය.එආ කොමිටි සාමාජිකයෙක් නොවුනත් විදුදය සරසවියේ උගත් අයෙක් නිසා මේ කොමිටි සාමාජිකයන් සමග සිනා සෙමින් කතා  කරන්න බොහෝ දේ ඇයට තිබුනා.කේක් තසිමක් අල්ලාගෙන හිටගෙන ඉන්න විනිතා අසලින් ඉඳගෙන ඉන්නේ ලලිතා ජයසුරිය  සහ මල්ලිකාය.පිරිමි අය ගෙන් පෙනෙන්න තිබෙන්නේ හේරත්ගේ මුහුණ පමණි.