Wednesday, January 10, 2018

2018 ජනවාරි 07 දින බෝධි පුජාව






  2018 වසර ආරම්භයේදීම සිය සාමාජිකයන්ට ඔවුන්ගේ කලත්‍රයන්ට දුදරුවන්ට සහ හිතවතුන්ට සෙත් පතා නාථ දේවාල පරිශ්‍රයේ වැල් බෝධිය ඉදිරියේ  බෝධි පුජාවක් කලයුතු යයි 2017 දෙසැම්බර් මස පැවති විදුදය කදුරට මිතුරෝ කාරක සභාව තීරණය කලා. මේ  අනුව පසුගිය ඉරුදින සවස එම බෝධි පුජාව පැවැත්වුවා. මෙම විස්තරය ලියන මම වැඩබලන ලේකම්  සමරසේකර. මගේ මේ වැඩබැලීම ස්ථිර ලෙකම මල්ලිකා උකුවෙල මහත්මිය ආපසු සියරට පැමිණෙන කල් විතරයි.   මේ   මෙම බෝධි පුජාව   ජයන්ත ජයසුරිය සොහොයුරා සිය කැමරාවෙන්  දුටු  අන්දමයි. හැබැයි  ජයන්තගේ  කැමරා ඇස  නොදුටු  සාමාජිකයන් සහ හිතවතුන් විශාල පිරිසක්  බෝධි පුජාවට සම්බන්ධ උනා.    

ජයන්ත දුටු නාථ දේවල භුමියේ සිට පෙනෙන දළදා මාලිගය  









නාථ දේවාල භූමිය 











බෝධි පුජාව සදහා කලින්ම පැමිණි සුනිල් දිසානායක, කුලතිලක, රම්‍යානි  ඇතුළු සාමාජිකයන් හා හිතවතුන්,

රෝද  පුටුවෙන් පැමිණ සිටින්නේ සමරකෝන් මල්ලව මහතාගේ බිරිදයි. ඒ අසලින්ම ඉන්නේ සමරකෝන් මල්ලවය.    









ධර්ම පුජාව රැගෙන ආ සුරිය කුමාර මහතාගේ බිරිද චන්ද්‍රා, ඒ අසලින්ම සිටින්නේ විනිතා සහ ඇගේ සොහොයුරියයි. 











බෝධි පුජාවේ කටයුතු  සංවිධානය කරන සූරී,සුනිල්,රම්‍යානි  සහ උඩගේ 















බෝධි පුජාව ආරම්භයේදී පහන් දල්වමින්, සැරයැටිය අතැතිව එදෙස බලා සිටින්නේ  අයි. එච්. කරුණාරත්න 























සුරිය කුමාර, චන්ද්‍රා සහ හේරත්  පහන් දැල්වීමට දායක වෙමින් 



























මල් වට්ටි සකසන්නේ ලලිතා ජයසුරිය   සමරසේකර සහ බර්නාඩ් කරුනාරත්නයි 












 නාථ දේවාල පරිශ්‍රයේ  පිහිටි වැල් බෝධිය අබියස බෝධි පුජාව පැවැත්වුනා . වැල් බෝධිය   අයත් විහාරස්ථානයේ  භාරකාර මහින්ද හාමුදුරුවන් බෝධිපුජාව මෙහෙයවුවා . මේ සුනිල්,සූරී, උඩගේ සහ සමරකෝන්  විසින් බෝධි පුජාවේ අරමුණු මහින්ද හාමුදුරුවන් සමග සාකච්චා කරන අයුරු. 









විද්‍යෝදය විශ්ව විද්‍යාලයේදී අපගේ නැණස පාදදුන් ආචාර්ය මහාචාර්ය වරුන්ට, එකට හිද  සිප්සතර හැදෑරු  සාමාජිකයන්ට මෙන්ම ඔවුන්ගේ  කලත්‍රයන්ට, දු දරුවන්ට සහ හිතවතුන්ට සෙත් පැතීම, මියගොස් ඇති  ආචාර්ය මහාචාර්ය වරුන්ට,සාමාජිකයන්ට,හා දු දරුවන්ට   පින් පැමිණවීම,  ධර්ම මාර්ගයේ හැසිරෙන සාමාජිකයන්ට ආශිර්වාද කිරීම අපගේ මෙම බෝධි පුජාවේ අරමුණු උනා. 






















මහින්ද හාමුදුරුවන්ගේ අනුසසනාවට සවන්දෙන කුලතිලක,සුරි,සුනිල් සහ සමරසේකර  








බෝධි පුජාවේ යෙදෙන සාමාජීකයන් හා හිතවතුන් 












සුමනා උඩගේ   සහ ලලිතා  ජයසුරිය 











කමලා තිලකරත්න, ලලිතා ජයසුරිය සහ සුමනා උඩගේ  




















ධර්ම පිරිකර අත ගස්වමින් 








 ධර්ම පිරිකර පුජා කරන සූරී ඇතුළු පිරිස 



 










ධර්ම පුජාව අවසානයේදී   ප්‍රවර්තක සාමාජික  නීතිඥ කෙහෙල්පන්නල මහතාගේ අනුග්‍රහයෙන් ඔහුගේ කාර්යාලයේදී  තේ පැන්  සංග්‍රහයක්  පැවැත්වුනා. මෙම කාර්‍ය සාර්ථක කිරීමට කෙහෙල්පන්නල මහතාගේ සහ පුතාගේ නොමද සහයද හිමිඋනා. නීතිඥ ඉලංගසිංහ මහතාද එයට අනුග්‍රහය දැක්වුවා .