Wednesday, October 28, 2015

අපේ තිරිකුණාමලේ සංචාරය - 2- කොටස



පහුවදා උදෙන්ම සුරියි වීරෙයි  දෙන්නා මේ සාකච්චා කරන්නේ අප කණ්ඩායමේ නවාතැන් පිරිවැය  ගෙවන අතරතුරේදී අද දින නැරඹිය යුතු තැන් සහ ආහාර පාන  ගන්නා ආකාරය ගැනයි. සර්වෝදයේ නවාතැන් සහ රැ කම හොඳයි. මෙවැනි ගමනක් සංවිධානය කරන යාලුවන්ගේ දැනගැනීමට කරුණු ටිකක් එකතු කරනවා නම් අප එක් අයෙකුගෙන් එකතු කලේ රුපියල් 2500.00ක් විතරයි.මේ ගණන අදාළ වෙන්නේ බස් රියට,නවාතැන් සහ ආහාරපාන වලට විතරයි.  හැබැයි සින්දු වතුර වලට එ්කට අදාල අයලුන්ගෙන් වෙනමම එකතු කරන්න ඕනෑ. ටිකක් මහන්සිවී පෙර වැඩ කරනවා නම් මේ මුදල හොඳටම ඇති.  






මේ අපේ කණ්ඩායමෙන් ඒ වෙලාවට එකතු කර ගන්න පුළුවන් උන අයගේ සමුහ චයාරෑපය.





උදේ තේ එකෙන් පසු සර්වොදයෙන් සමුගත් අපි අපේ උදය ආහාරය ගත්තේ තිරිකුනාමලේ වෙරළ අයිනේම තියෙන පිට්ටනියෙ. උදේට තිබ්බේ මාළු හොද්දක් සහ සම්බෝල සමග පාන්.අපිට මාළු වියන්ජ්නය සමග සම්බෝල ලැබුනේ තිරිකුනාමලේ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේතුවේ මංජුල බණ්ඩාර මහතාගේ අනුග්‍රහයෙන්. අප නොදක තිබුනත් සේනගේ දුරකථන පණිවිඩය පිළිගත් මංජුල මහතා ඉතා රසවත් කෑම වේලක් අප වෙනුවෙන් සම්පාදනය කර තිබුනා.


පළමුවෙන්ම අපි ගමන් කලේ ගෝකන්න විහාර පුද බිමටයි.මේ ගෝකන්න විහාර භුමියේ  එහෙම නැත්නම් අද කවුරුත් කියන කොනේශ්වරම් පුදබිමේ ඉන්නා මුවන්  කිහිප දෙනෙක්. අපි නම් මෙවර දැක්කේ මුවන් දෙදෙනෙක් විතරයි.












අපි කෝනෙශ්වරම් දේවාලය තුලට ගියේ නැති නිසා ඒකෙ සේයාරූ  ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ. මේ දේවාල භූමියෙන් ආපසු එන අපේ ගමන් සගයන්  කිහිප දෙනෙක්.








මෙතැන ඉන්නේ සුනිල්,චන්ද්‍රා සහ විනිතා 







මෙතන ඉන්නේ චන්ද්‍රා, විනිතා, සමරේ, අමන්දේ, කමලා සහ තිලකරත්න 





මේ කොනේශ්වරම් පුද බිමේ දකුණු පසින් පෙනෙන සුන්දර මුහුදේ දර්ශන  පෙළක්.



























මුහුදේ දර්ශන සමිපව නරඹන්න යන ගමන් සගයෝ 

























මාළු අල්ලන්න යන මලේ  ධිවර බෝට්ටු සිය ගමන අරඹන්නේ දේවාලයට පොල් ගැසීමෙන්  මේ එසේ පොල් ගැසීමට දේවාලයේ පාදම අසලට පැමිණෙන  බෝටුවක්. 














මේ පුදබිමේ වම් පසින් පෙනෙන දසුනක් 






සේරු නුවරට යන අතරතුරේදී මුත්තුර් යාමට පෙර මුහුදු වෙරළ ආසන්නයේ තිබුන කරවල වෙළඳසැල් බලන්න අපේ කණ්ඩායමේ ඔක්කොම ටික ගියා. නුවරට වැඩිය මෙහෙ කරවල මිල ගණන් අඩුයි. ඒවගේම අලුත්. කණ්ඩායමේ ඔක්කොම වාගේ කරවල උම්බලකඩ  ඇති තරම් ගත්තා. වැඩියෙන්ම ගත්තේ නන්ද ජයරත්නයි. එයා කොච්චර කරවල ගත්තා කියල කියනවා නම් එ් කරවල ටික කඩේ සේවකයෙක් විසින්ම බස් එක ලඟට ගෙනවිත් දුන්නා. අපි ගත්ත මුළු කරවල තොගයම බස් එකේ ඩිකියේ අසුරා ගත්ත නිසා කරවල රැගෙන ඒමේ අපහසුතාවයක් නම් ඇති උනේ නැහැ.

අප ඉන්පසු ගියේ සේරු නුවරට. ඉස්සර වෙලාම කරන්න තිබුනේ එදිනට ගැනීමට නියමිත දිවා ආහාර පාර්සල් ලබා ගැනීමයි. නමුත් සම්බන්ධිකරණ ගැටළුවක්  නිසා ඒක ලැබෙන එක ටිකක් පමා උනා. මේ දිවා ආහාර පාර්සල් ලැබෙන තුරු අප රැඳී සිටි පලතුරු කඩය. 







පලතුරුකඩය අසල ගොවි බිමේ දර්ශනයක් 




මේ අපි වන්දනා කල සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයා. බුදුරජුන්ගේ ලලාට  ධාතුන් වහන්සේ මෙතැන  නිධන් කර තිබෙනවා. 















අපි මේ  චෛත්‍ රාජයා අසලට එන කොට මධ්‍යානය අවසන් වෙලා තිබුනේ නැහැ. ඒ  නිසා හිරුරැස් වැටීමෙන් සලපතල මළුව රත්වෙලා තිබුනෙ. කොහොම උනත් අපි අමාරුවෙන් චෛත්‍ය  මළුවේ වටේටම එක පාරක් පැදකුණු කළා. එසේ පැදකුණු කරමින් යන විට එක් එක් කෝණයෙන් චෛත්‍ය  පෙනුන අන්දම තමටි මේ.































මේ සේරුවිල පුනර්ජිවයට මුල පුරු දඹගසාරේ  සුමේධංකර නායක හාමුදුරුවන්ගේ මුර්තියේ සේයාරූ කිහිපයක් 
























ඉන්පසු අප ගියේ ලංකාපටුන විහාරය වන්දනා කිරි මටයි. ඉතිහාසයේ කියවෙන්නේ හේමමාලි කුමරිය  හා දන්ත කුමරුන් ඉන්දියාවේ කාලිංග දේශයේ සිට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රැගෙන ලංකාවට ගොඩ බැස්සේ    ලංකා පටුනින්   බවයි.

 මේ ලංකාපටුන තොටුපලේ වම් පැත්තේ දර්ශනයක්. මෙතන ඉඳලා බෝට්ටුවෙන් ඉතා සුළු දුරක් ගොස් මුහුදුමහා විහාරයට යන්න ඕනෑ. බෝට්ටු ගාස්තු එක් අයෙකුට රුපියල් 30ක් පමනයි.











අෑතින් පෙනෙන මුහුදු මහා විහාරය පසුබිමේ ඇතිව හදාගෙන යන පාලමේ දර්ශන. මේ පාලම හදන  වැඩ දැන්නම් නැවතිලා තියෙන්නෙ.  





















බෝට්ටුවේ ගමනාන්තය වන දකුණු ඉවුර 


මුහුදු මහා විහාරයේ වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ 










චෛත්‍ය රාජයාගේ සමීප දසුනක් 


















මේ චෛත්‍ය පසෙකින් පිහිටුවා ඇති මනස්කාන්ත ස්වර්නාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සේයාරූ 














මෙතන ඉන්නේ මාලා,විරේ සහ සමරේ 





මෙතන විරේ,මාලා,කමලා තිලකේ සහ සමරකෝන් 






අෑතින් පෙනෙන ඉන්දියන් සාගරයේ මනස්කාන්ත දර්ශනයක් 





මේ අපි ආපසු එන ගමනේදී කන්තලේ අසල කසල ගොඩක රැස්ව සිටි අලි රංචුවක්. මිනිසුන් විසින් ඇතිකරන විනාශයට වන අලින් ගොදුරුවීම අතිශයෙන්ම ඛේදවාචකයක්  වෙලා.








මේ කන්තලේ වැවේ මනරම් දර්ශන පෙලක්