Friday, October 16, 2015

අපේ තිරිකුනාමලේ සංචාරය - 1 කොටස


විදුදුය කඳුරට මිතුරන්ගේ 2015 වාර්ෂික සංචාරයට මෙවර තෝරා ගත්තේ ත්‍රිකුණාමලේ සංචාරය කිරීමටයි. සුපුරුදු විධියටම චායාරෑප මගින් කතාව කියන්නයි අදහස් කරන්නෙ. චායාරෑප ගොඩක් තියන නිසා   මේ සමරසේකර සහ සුනිල්ගේ  කැමරාවෙන් සංචාරය දුටු ආකාරයයි. ෆොටෝ ගොඩක් තියෙන නිසා කොටස් දෙකකින් විස්තරය ලියන්නයි අදහස් කරන්නෙ . 

මෙතන ඉන්නේ කුලතිලක. පසෙකින් තියෙන්නේ අප සංචාරය සඳහා යොදාගත් බස් රියයි. කුලේ සිය පව්ලේ සියලු දෙනාම සමග සංචාරයට පැමිණියා. 



මේ දඹුල්ලේදී ලද කෙටි විවේකයෙන් පස්සේ බස් එක ළඟ ඉන්නේ විරේ, සූරී, ඉලන්ගේ සහ සුනිල්. පිටිපස්සෙන් ඉන්නේ හේරත්.







මේ තියෙන්නේ අප බස්රියේ ගමන් කල ආකාරය දැක්වෙන අවස්ථා කිහිපයක් දැක්වෙන සේයා රූ කිහිපයක් . 


















මෙතන ඉන්නේ කමලා,සේන,උඩුවාවල, සූරී සහ ඉලන්ගේ.





මේ තියෙන්නෙ අපි වැඳ පුදා ගත් ගිරිහඩු සෑය.මේ සෑය පිහිටලා තියෙන්නෙ නිලාවැලියට උතුරින්. මේ තමයි අපේ රටේ පලමුවේ පළමුවෙන්ම පිහිටවූ චෛත්‍යය. තපස්සු භල්ලුක සහෝදරයන් දෙදෙනා විසින් බුදු රජුන් ජීවමානව වැඩ සිටියදීම උන්වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු තැන්පත්කර සැදු චෛත්‍ය තමා  මේ. පහතින් තියෙන්නේ එතන තිබුන ෆොටෝ එකක් මගේ කාමරා ඇසට පෙනුන ආකාරයයි.












මේ  එතන තිබු තවත් විස්තරයක්.








ගිරිහඬු සෑය අද දිස්වෙන ආකාරය.








ගිරිහඬු සැ වන්දනාවෙන් පසු එතන සිටි  අපේ කට්ටියෙන්කොටසක්. කමලා, විනිතා, සමරසේකර
ආනන්ද,අශෝකා සහ අමන්දකෝන් මෙතන ඉන්නවා. ෆොටෝ එක ගත්තේ සුනිල්. 






සුනිල් සිටින ඊළඟ ෆොටෝ එක ගත්තේ මම 




මේ ගිරිහඬු සෑ  වන්දනාවෙන් පසු ගල් පඩි පෙළ ඔස්සේ ආපසු පහලට බසින විදුදය මිතුරන්ගෙන් කොටසක්  සුමනසේකර, කුලේ  සහ අශෝකා ඉස්සරහින්ම ඉන්නවා.ඊළඟට ආනන්ද,කමලා සහ විනිතා.අන්තිමට ඉන්නේ රම්‍යානි සහ ඇයගේ දුව.





මේ ගිරිහඬු සෑය පුජා භූමියේ  තැන්පත් කර තිබු දා කරඬුව. 






විහාර ගෙය තුල වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ 





පුජා භුමිය තුල නිදහසේ සිටින මුවෙක්.ඒ උනාට එයා අහක බලාගෙන හිටපු නිසා බොහොම මාරුවෙන් පඳුරු  අස්සෙන්   රිංගලා  මුණ කැමරාවට හසු කර ගත්තා.     











මේ පුජා භුමිය හතර වටේම පදිංචි වෙලා ඉන්නේ දෙමල ජාතිකයන්. එක සිංහල බෞද්ධ පව්ලක්වත් නැහැ. දිවයිනේ අනෙක් ප්‍රදේශ  වල සිටින  බෞද්ධ ජනයාගේ ආධාරයෙන් තමා මේ  පුදසුන නඩත්තු වෙමින් පවතින්නෙ.  මේ පුජා භුමිය 1987දි eltte ත්‍රස්තවාදීන් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කර දැම්මා. මේ ඒ  ගැන ඇති පින්තුර ඵලකය.






ගිරිහඬු සෑ වන්දනාවෙන් පසු නිලාවැලි මුහුදු තිරයේ ආශ්වාදය මදි නොකියන්න  ලබා ගත්තා. කාලෙකින් මුහුදු වතුර නාන්නත් පුළුවන් වුනා. මේ මුහුද අද්දර ඉන්නා යාලුවෝ.










මේ මුහුදේ නාන්න  සුදානම් වෙන විරේ සහ සමරසේකර  


























ගොඩබිම ඉඳලා මුහුද පසුබිම් කරගෙන selfi  ගත්ත සුනිල්.












































 සවස් කාලය අප ගත කලේ කින්යාවේ ඇති සුප්‍රසිද්ධ උණුදිය ලිං වලින් නෑම සඳහායි. මට මතක් උනේ 2003 වසරේදී මේ උණුදිය ලිං වලින් අපි නෑ ආකාරයි. එකල මේ ප්‍රදේශයට ඇතුල් වීමට ත්‍රස්තවාදීන්ට බදු ගෙවීමට අපට සිදු උනා. එකල ඔවුන් උණුදිය ලිං ගැන බොරු ඉතිහාසයක් ලියු පුවරු එල්ලා තිබුනා. දැන් ඒ කිසිවක් නැහැ. පුරා විද්‍යා අංශයට රුපියල් 10.00ක් ගෙවා ටිකට් එකක් ගැනීම විතරයි කල යුතු වන්නේ.

අපේ නවාතැන වුනේ සර්වෝදය දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයයි.මෙතන හොඳ සුවපහසු තැනක්. සූරී මෙතන හොයා ගන්න බොහොම මහන්සි වුනා. සවස අපි පුරුදු විධියට අපේ පැදුරු පාටිය දැම්මා.

 මේ පාටිය සඳහා සුදානම් වන අමන්දේ.




පැදුරු පාටියට සහභාගි වෙමින් නිදහසේ සින්දු කියන අපේ සගයෝ 














ඉලන්ගේට මනමේ නාඩගමේ ගීත අමතක උනේ නැහැ. 


















මේ පින්තුර ටික ගත්තේ මාලා. ඒවා මම ගත්ත ඒවාට වඩා හොඳට තියෙනවා.






පසුදා උදැසන අපි සර්වොදය  පුහුණු මධ්‍යස්ථානය  පසුබිම කරගෙන සමුහ චායාරෑප ගන්න අමතක කලේ නැහැ. අපේ කට්ටිය ලාහට ගෙම්බෝ එකතු කරනවා වාගේ සරින් සැරේට එලියට ආපු නිසා සමුහ චායාරුප ගොඩක්  ගන්න උනා.




අපේ කාන්හා පාර්ශවය වෙනමම ඉන්දලා ෆොටෝ ගන්නත් අපි අමතක කලේ නැහැ.






















දෙවෙනි කොටසින් පසුදා නැරඹු තැන සහ වන්දනා කල තැන් ගැන ලියන්නම්.

සමරසේකර