Sunday, February 22, 2015

අපි නාමල් උයන නැරඹීමු . 1. කොටස



කලින් පැවති කොමිටි මිටිමේදී තීරණය කර ගත් පරිදි විදුදය කඳුරට මිතුරන් විසින් 2015 පෙබරවාරි මස 17 වැනි දින එක් දින සංචාරයක් පැවැත්වුවා.මෙවර අප මිතුරන් කැකිරාවේ  නාමල් උයන නැරඹීම, අව්කන බුදු  පිළිම වන්දනාව සහ රැස් වෙහෙර වන්දනාව සංචාරයට  එකතු උනා.දිවා ආහාරය ගත්තේ කළාවැව වැව් බැම්ම මත දියි  

 සංචාරයේ විස්තර චායරුප මගින් විස්තර කරන එක වඩාත් ලේසියි. 

මේ උදැසන ආහාරය ගන්නා මිතුරන් රැසක්.අපි උදේ ආහාරය අප විසින්ම රැගෙන ආ යුතුය එකඟතාව උඩ එම ආහාර ගෙනාවත් එය වඩාත් උචිත ආකාරයෙන් ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දුන්නේ අපේ කඳුරට විදුදය මිතුරන් අතරින් දෙවනියට වැඩිම වයසැති අත්තනායක අයියා. එතුමා වරක් අධ්‍යාපන උප ඇමතිවරයෙක් වශයෙන්ද කටයුතු කළා.අත්තනායක අයියාගේ හදිසි මැදිහත්වීම උඩ  එතුමාගේ පුතාගේ නිල නිවසේදී  අපේ උදෑසන ආහාරය ගැනීමට  හැකි වුනා.එහෙදි ලැබුණු ඉඟුරු දාපු තේ එකේ  රසවත් බව  තවම මතකයි. පහල ෆොටෝ වලින් කියවෙන්නේ අප එම නිල නිවසේදී  උදැසන ආහාරය ගනිමින්  ගත කල සුන්දර හෝරාවයි.   




























මෙතන ඉඳලා තියෙන්නේ අපේ නාමල් උයන සංචාරයේ චායාරුපයි.












නාමල් උයනේ පුංචි දිය දහරක්ද තියෙනවා 






මෙතන ඉන්නෙ නීතිඥ ඉලන්ගේ සොයුරා සහ ලේකම් මල්ලිකා.ඉලන්ගෙගේ ගම කැකිරාව නිසා මේ සංචාරය එයාට වැදගත් එකක් උනේ නැති උනත් එයා අපි වෙනුවෙන් අවශ්‍යය පහසුකම් සලසා දෙමින්  එදින දවසම අප සමගම ගතකලා.

































ගමන ටිකක් අමාරු නිසා බොහෝ මිතුරන් නාමල් උයන කෙරවලටම ගියේ නැති උනත් ටික දෙනෙක් කන්දේ උඩටම නැග්ගා.පහල ෆොටෝ එකේ තියෙන්නේ නාමල් උයන කඳු මුදුන උඩ  තිබෙන විහාර කුටියේ වැඩ සිටින පිළිම වහන්සේ. 





මේ කඳු මුදුනට ගියාම ඈතින් පෙනන මනරම් දර්ශනයේ කොටසක් ඈතින් පෙනෙන්නේ නම් වැවක්.හැබැයි  ඒකෙ නම නම් දන්නෙ නැහැ.





මේ ලෝ පතල තිරුවානා නිධිය 















මේ නාමල් උයනේ තිබුන පුස් වැලක් 





ගමනේ යෙදෙන සගයෝ 
















ගමනේ ඉතුරු කොටස තව post එකකින් ලියන්නම්.

No comments: