Tuesday, July 14, 2015

ජුලි මාසයේ කොමිටි මිටීම




ජුලි මාසයේදී අපේ කොමිටි මිටීම  පැවැත්වුයේ කොමිටි සාමජික චන්ද්‍රා හේරත් මහතාගේ මනරම් ගෙවත්තක් තුල තනා තිබු නිවසේදීයි. මේ කොමිටි මිටිම විශේෂයෙන් පැවැත්වුයේ අපේ මහා සභා රැස්වීමේදී ප්‍රදානය කිරීමට නියමිත ලොතරැයි ජයග්‍රාහකයන් තෝරා ගැනීමටයි. සිරිත් පරිදි අදාළ විස්තරය චයාරුප මගින්  ඉදිරිපත් කරන්නම්. මේවර  ෆොටෝ ගත්තේ භාණ්ඩාගාරික මිල්ටන් විරසිංහ මහතා  සහ කොමිටී  සාමාජික සමරසේකර මහතාය. චායාරුප ගත්තේ  ජංගම දුරකථන අධාරයෙන්ය. 




මේ ලොතරැයිය ඇදීමේ ආරම්භක අවස්ථාවයි.සභාපති සූරී සහ අයිරාංගනී හේරත් මත්මිය භාණ්ඩාගාරික විරේගේ  අරමුදල් එකහුවිම ගැනවූ විස්තරයකට සවන් දෙමින්  ඉන්නවා. 









සාකච්චාවට සම්බන්ධවූ ලලිතා සහ සේන 









සූරී ජයග්‍රාහක ටිකට් පත් තේරීමේ මුල්ම කාර්යට සම්බන්ධ කර ගත්තේ චන්ද්‍රා හේරත් සහ අයිරාංගනී හේරත් දෙදෙනාය.











ඊළඟ  ජයග්‍රාහකයා තේරුවේ විරේය.















සමරසේකරද ජයග්‍රාහකයෙකු තේරීමට සම්බන්ධ වෙමින්,




ජයග්‍රාහක ලොතරැයි අංක සටහන් කරන සමරසේකර සහ ලලිතා,




ලොතරැයි දිනුමක් තෝරණ සේන 







ලද ප්‍රතිඵල ගැන සාකච්චා කරනකොමිටි සාමාජිකයන් 










ලොටහ්රයියේ අවසාන ප්‍රතිඵලය වුනේ  1 සිට 5 දක්වා ජයග්‍රාහයකයන් 5 දෙනෙක් තෝරා ගැනීම සහ සැනසිලි ත්‍යාගි ලාභීන් 15 දෙනෙක් තෝරා ගැනීමයි. මේ සියලුම තෑගි 26 වැනි දින පැවැත්වීමට නියමිත මහා සභා රැස්වීමේදී ප්‍රදානය කිරීමටත් අලවි නොවූ ඉතිරි ලොතරැයි වෙනුවෙන්  කෙටි දිනුම් ඇදීමක් එදිනම පැවැත්වීමටත් තීරනය වුනා.

චන්ද්‍රා හේරත් සහ අයිරාංගනී හේරත්  දේපල විසින් උසස් අන්දමින් සැකසු තේ පැන් සංග්‍රහයකින් පසු එදින කොමිටි රැස්වීම අවසන් වුනා.   

Monday, July 13, 2015

සාමාජිකයන්ගේ ජංගම දුරකථන අංක





අපේ සාමාජිකයන් එකිනෙකාගේ ජංගම දුරකථන අංක පහතින් පල කරනවා.


2015 වාර්ෂික රැස්වීම



 පහත පලවන්නේ අපේ වාර්ෂික රැස්වීමේ නිවේදනයයි.මෙවරත්  එය පවත්වන්නේ මහනුවර කන්දී ලේක් ක්ලබ් හිදිඅ දිනය මේ ජුලි මස 26 ඉරිදා. සාමාජික සියලුම දෙනාගේ සහභාගිත්වය අපේක්ෂා කරනවා.







Thursday, May 21, 2015

මැයි මස කොමිටි රැස්වීම



විදුදය කඳුරට මිතුරන්ගේ 2015 වසරේ මැයි මස පැවැත්වූ කොමිටි මීටිම  පැවැත්වුයේ පැවැත්වුයේ කොමිටි සාමාජික ඩබලිව්. ඇම්.කේ. සමරසේකර මහතාගේ නිවසේදීය. සුපුරුදු විධියට චායාරුප ආධාරයෙන් විස්තරය ඉදිරිපත් කරනවා.මෙවර චායාරුප ගත්තේ එදින පැවති කොමිටි රැස්වීමේ සත්කාරක ඩබලිව්. ඇම්.කේ. සමරසේකර විසින්මයි.
ලැප්ටොප් ඒක ආධාරයෙන් යමක් විස්තර කරන්නේ සමරසේකර මහතා. ඒ ලඟින්ම ඉඳගෙන ඉන්නේ සෙනවිරත්න මහත්මිය සහ අයිරා මහත්මිය . සභාපස්හි සුරිය කුමාර මහතා සහ ලේකම් මල්ලිකා මහත්මිය එදින රැස්වීමේදී සාකච්චා කල යුතු කරුණු ගැන විමසමින් ඉන්නවා. එම සාකච්චාව දිහා ඉහා ඕනෑකමින් බලා ගෙන ඉන්නේ සේන මහතා. හේරත් මහතාද මෙතන හිටියත් කැමරාවට පිටුපා ඉඳගෙන ඉන්නා නිසා පෙනෙන්නේ නම් තට්ටය විතරයි. 






සාකච්චා කල යුතු කරුණු ගැන කරුණාදාස උඩගෙ මහතා යමක් සටහන් කරමින් ඉන්නවා.








සාකච්චාවේදී තිරණය උනේ ජුලි මස 25 දින කඳුරට මිතුරන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමටයි  




සාකච්චාව යන අතරතුරදී  අපි අපේ  සරසවි දිවියේ ගතකල අවධියේ සිදුවූ මතකයන් නැවත වරක් සිහියට ගෙන රස විඳින්නත් අමතක කලේ නැහැ. 






එම රැස්වීමට පෙර අප විසින් සංගමයේ අරමුදල් තර කරගැනීමට පැවැත්වීමට අපේක්ෂිත ලොතරැයියේ ටිකට් විකිණීමේ ප්‍රගතිය ගැන විමසා බලමින් ඉන්නා සභාපති සුරිය කුමාර මහතා.






එම තොරතුරු ඉදිරිපත් කරමින් විස්තර ඉදිරිපත් කරන්නේ ලේකම් මල්ලිකා උකුවල මහත්මිය. මේ දිනවල භාණ්ඩාගාරික වීරසිංහ මහතා සහ පරාවර්තක සුනිල් දිසානායක මහතා විදේශ ගතව සිටිනා බැවින් ලොතරැයිය  සංවිධාන කටයුතු මෙන්ම වාර්ෂික මහා සභාව රස්කරවීමේ මුලික වැඩ කටයුතු වල මුල් තැනක් මේ දෙන්නාට ගන්න වෙලා තියෙනවා.















විද්‍යුත් මාධ්‍යයක දායකත්ව ලබා ගෙන ධර්ම දේශනාවක් පැවැත්වීමේ අදහසද සාකච්ඡා උනා.



විදුදය සරසවියේ දිනක් ගත කිරීමට චාරිකාවක් යාම ගැනත් කොමිටිය සාකච්චා කළා .











මේ සාකච්චාවට ඕස්ට්‍රේලියාවේ ඉන්නා සුනිල් දිසානායක මහතා skyp තාක්ෂනය ඔස්සේ සම්බන්ධ උනා. මේ සුනිල් සමග සාකච්ඡා කරන කොමිටි සාමාජිකයන්ගෙන් කොටසක්. සබන්ධිකරන ගැටලුවක් නිසා සුනිල්ට සාකච්චාවට කලින් පැය දෙකක්ම කොම්පියුටරය ලඟට වෙලා ඉඳගෙන ඉන්න වෙලා තිබිලා තියෙනවා.  















 අගෝස්තු මස වාර්ෂික මහා සභාව පවත් වුවොත් තමාට ඊට සහභාගී විය නොහැකි යයි කරුණාදාස උඩගේ මහතා කියන්නේ ඒ මාසයේදී ඔහු විදේශ ගතවීමට නියමිත බව ප්‍රකාශ කරමින්ය.  ඊළඟ කොමිටි රැස්වීම වාර්ෂික මහසභාවට කලින් හේරත් මහතාගේ නිවසේදී පැවැත්වීමට තීරණය වුන අතර කරුණාදාස උඩගෙ මහතා  අසලින්ම  ඉන්නේ  හේරත් මහතායි.







කොමිටි රැස්වීමේ අවසානයට තිබුණේ සිරිත් පරිදි කෙරෙන තේ පැන් සංග්‍රහයයි. මෙතැන් ඉන්නේ ජයන්ත මහතා සහ සේන මහතායි.







සංග්‍රහ කටයුතු කෙරුනේ විනිතා සේනාරත්න මහත්මිය විසින්ය.එආ කොමිටි සාමාජිකයෙක් නොවුනත් විදුදය සරසවියේ උගත් අයෙක් නිසා මේ කොමිටි සාමාජිකයන් සමග සිනා සෙමින් කතා  කරන්න බොහෝ දේ ඇයට තිබුනා.කේක් තසිමක් අල්ලාගෙන හිටගෙන ඉන්න විනිතා අසලින් ඉඳගෙන ඉන්නේ ලලිතා ජයසුරිය  සහ මල්ලිකාය.පිරිමි අය ගෙන් පෙනෙන්න තිබෙන්නේ හේරත්ගේ මුහුණ පමණි. 


Tuesday, April 14, 2015

2015 නව වසරට ආසිරි .....







සුභ නව වසරක් වේවා....






2015 බක් මාසේ 14 වන දිනෙන් ඇරඹුණු නව වසර ඔබ සියලු දෙනාටම සාමය සතුට සහ සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා යයි පතන්නේ  කඳුරට විදුදය මිතුරන්ගේ සංසදයයි.

විදුදය කඳුරට මිතුරෝ වෙනුවෙන් 


සුරිය කුමාර පෙරේරා  මහතා 
ගරු සභාපති, 

මල්ලිකා උකුවෙල මහත්මිය 
ගරු ලේකම්,


Monday, February 23, 2015

අපි අව්කන සහ රැස් වෙහෙර වැන්දෙමු 11 කොටස



නාමල් උයන සංචාරයෙන් පසු අපි ගියේ සුප්‍රසිද්ධ අව්කන බුදු පිළිම වහන්සේ වඳින්න.මිට කලින් දෙතං වතාවක්ම අව්කන පිළිම වහන්සේගේ චමත්කාර ජනක බව දුටුවත් මෙවර අපි දුටුවේ පිළිම වහන්සේ ඇලුමිනියම් බට ගොඩකින් වට කර ඇති බවයි.එහෙම කරලා තියෙන්නේ පිළිම වහන්සේට ආවරණයක් සැදීමේ කටයුතු අරඹා ඇති නිසයි.විශාල කණු 4ක් දැනටමත් ගොඩනගල ඒ කනු ටික පාඩම කරගෙන තමා නව ආවරණය තැනෙන්නෙ.ඊට පස්සේ වටේට තියෙන බට ටික ගලවලා දමන බවයි අප දැන  ගත්තෙ. එක යාලුවෙක් කිව්වා කොම්පියුටරයෙන් මේ බට ටික අයින් කරලා පිළිම වහන්සේ විතරක් පෙන්නන්න පුළුවන්. ඒක කරන්න නම්  මගේ කොම්පුටරයේ photo shop තියෙන්න ඕනෑ. මම දන්න photo  shop? මේකත් සින්හලෙන් කොටා ගන්නෙ කොයි තරම් නම් අමාරුවෙන්ද කියල දන්නෙ මම විතරයි.   





















මේ අව්කන වන්දනා කරලා ආපසු එන අපේ මිතුරන්ගෙන් කොටසක් 








අපි දිවා ආහාරය ගත්තේ කළා වැවේ වැව් බැම්මේ ඉඳන්.


















දිවා ආහාරයට පෙර බස්රියේ එනගමන්ම සංගිතයකුත් තිබුනා.සින්දු වතුර ටිකක් එහෙමත් පාවිච්චි නොවූනාම නොවේ. 




ලස්සන වැවේ ෆොටෝ එකක් තමයි මේ තියෙන්නෙ.








දිවා ආහාර විවේකයෙන් පසු අපි ගියේ රැස් වෙහෙර වඳින්න.මේ පිළිම වහන්සේ අව්කන පිළිම වහන්සේ තරම් කලාත්මක නොවන බව අපිට අසන්නට ලැබුනා. අව්කන පිළිම වහන්සේ සහ රැස් වෙහෙර පිළිම වහන්සේ අතර සම්බන්ධයක් තියෙන ජනකතා දෙකක් තියෙනවා.එක කතාවකින් කියවෙන්නෙ පළමුව රැස් වෙහෙර නිර්මාණය කල බවත් එය නිර්මාණය කර සිටිමින් සිටින විට එම පාෂාණය ගුනාත්මක බවින් අඩු නිසා එම පිලිමා නෙලීම නවතා හොඳ පාෂාණයක් තිබුන අව්කන පිළිම වහන්සේ නෙළු බවයි. 


දෙවෙනි කතාවෙන් කියවෙන්නෙ පිලිම දෙනම  නෙලීම ගැන ගුරුන්නාන්සේ සහ ගෝලයා අතර තරඟයක් තිබුන බවත් ගුරුන්නාන්සේ රැස් වෙහෙර පිළිමය නෙළු අතර ගෝලයා අව්කන පිළිමය නෙළු බවයි. ගෝලයාගේ නිර්මාණය තම නිර්මානයට වටා හොඳින් නිමවන බව දුටු ගුරුන්නාන්සේ බාගෙට නිම වෙමින් තිබුන තම පිළිමයේ ඉතුරු කොටස නිර්මාණය නොකරම සියදිවි නසා ගත් බවය.මේ කතා දෙකෙන් කෝක හරිද කියා නම් අප දන්නේ නැත.    රැස් වෙහෙර තියෙන්නෙ කුරුනෑගල දිස්ත්‍රික්කයට මායිම් වෙන්නයි. එබැවින් අව්කන සිට තව කිලෝ මීටර 16කට වැඩි දුරක් කුරුණෑගල පැත්තට ගොස් රැස් වෙහෙර වන්දනා කරන්න අපි පැකිලුනේ නැහැ. සාපේක්ෂව බලන කොට අව්කන ප්‍රදෙශාට වඩා රැස් වෙහෙර දුප්ප්පත් පලාතක්.බාගයක් දුර යන කොට බොරළු පාරෙනුත් යන්න සිදුඋනා. 


 මේ වෙහෙර ගල් ගුහා සංකීර්ණයකින් යුත් එකක්. වළගම්බා රජ්ජුරුවෝ සැඟවිලා සිටපු තැනක් කියලයි අපි ඇහැව්වේ. මේ රැස් වෙහෙරට යන අපේ කට්ටිය













දඹුල්ලේ ගුහා සිහිපත් කරමින් නුවර යුගයේ සිතුවම් කලාව ඔපවට් කරන පිළිම වහන්සේලා වැඩ සිටින ගුහා දෙකක් මෙ වෙහෙරේ තියෙනවා.















මාමා තමයි අපිට විහාරය ගැන විස්තර කියල දුන්නෙ.








මෙතන තියෙන ඇඳ රාජසිංහ රජුගේ සමයේ නිර්මානය කල එකක් 







මේ පැත්තක තියෙන කුඩා ගුහාවක ඇති දේවාලයක් 






මේ විහාරය  ඉදිරියෙන් ඇති ගල්කුල 



















විහාරයට එළියෙන් තියෙන දේව රුප සහ ඒ සමග ඇති ලියවැල් පෙළ.







රැස් වෙහෙර පිළිම වහන්සේ 




















වන්දනාවෙන් පසු විඩා නිවන යාලුවෝ 

















රැස් වෙහෙරේ සිටින චෛත්‍ය  රාජයා. කාලය හරස්වුනු නිසා වෙහෙර ලඟට නම් ගියේ නැහැ.