Monday, October 27, 2014

අපේ වාර්ෂික චාරිකාව 2 කොටස





අපේ වාර්ෂික චාරිකාවේ පළමු කොටසින් උඩවලවේ ජාතික වනොද්‍යානය බැලීමට ගිය ගමනේ පළමු දිනය ගතකල අන්දම ලියලා තියෙනවා. මේ කොටසින් කියන්නේ එහි දෙවෙනි දිනය ගත කල ආකාරය ගැනයි.
මේ කොට්ටවත්ත හෝටලයේ බෝජනාගාරයේ රාත්‍රී ආහාරය ගන්න අපේ මිතුරු මිතුරියන් ගෙන් කොටසක්,













අපි නැවතිලා හිටපු කොට්ටවත්ත හෝටලයේ විස්තර ටිකක් නොලියා හිටියොත් හරි නැහැනෙ. පරිසර හිතකාමී කබානා කිහිපයක්ම ඒකෙ තිබුනා.ආහාර ගැනීම සඳහා විශාලශාලාවක් තිබුනා.  කාර්ය මණ්ඩලය ප්‍රියමනාපයි. සැපයු ආහාරපාන හොඳයි. නවාතැන් පහසුකම්,රාත්‍රී සහ උදැසන ආහාර සමගින් වනොද්‍යානය නැරඹීමට ජීප් රථ පහසුකම් මෙන්ම වනොද්‍යානය නැරඹීමේ ගාස්තු සමගින් හෝටලය අය කලේ එක අයකුගෙන් රුපියල් 2400ක මුදලක් පමණයි. ඊට අමතරව අපේ බස් රථයේ රියදුරු සහ සහායකගේ නවාතැන් හා ආහාර පහසුකම්ද ඔවුන් විසින්ම දැරුවා. ඒක නිසා හෝටල් ගාස්තුව ඇත්තෙන්ම සාධාරණයි.  මේ තිබෙන්නේ කබානා අසලින් තිබෙන කුඩා අවන්  හලක්. 








මේ කබානා එකක පිට පැත්තේ දර්ශනයක්.







ඊළඟට තියෙන්නේ ඇත්අතුරු සෙවනේ අලි සුරතලුන් ගැන විස්තර 
අලි සුරතලුන් කීවට මේ ගොල්ල අම්මලා නැති අනාථයෝ.රටේ විවිධ පළාත් වලින් තමයි මේ අතුරු  සෙවනට එවලා තියෙන්නෙ.දිනකට පය 3 කට වරක් මේ ගොල්ලෝ කිරි බොන්න මෙතනට එනවා. පහලින් ඉන්නෙ එසේ කිරි බිමට ආ අලි පැන්චෙක් .එයා නම් කිරි ටික දෙනකල් ඉවසිල්ලෙන් බලාගෙන  ඉන්නවා   





මෙතන මේ ඉන්නෙ කිරි බොන අලි පැන්චෙක්. 



මෙතන අලි පැන්චෝ දෙන්නෙක් කිරි බොන අතරේ කිරි බීපු එක පැන්චෙක් බීපු කිරි ටික මදි වෙලාද කොහෙද දුකෙන් දුකෙන් හෙමින් හෙමින් ඉවතට යනවා.







මෙතන එක් අලි පැන්චෙක් කිරි බොන අතරේ මැද ඉන්නා එක්කෙනා ඉවසිල්ලෙන් බලා ඉන්නවා ඊළඟට තියෙන්නේ මගේ වාරේ කියල තමයි අන්තිම පැන්චා හිමින් හෙමින් වේදිකාවට කිට්ටු කරන්නේ. වැට ලගින්ම ඉන්නා කිරි බීපු අලි පැංචා තව සැරයක් කිරි ටිකක් බොන්න පුලුවන්ද කියල බලන්න හොර ගල් අහුලමින් ඉන්නවා.  ඒ අතර කාර්‍ය මණ්ඩලයේ අයෙක් විසින් කිරි බීපු ඒත් එතනින් ඉවත් වෙන්න අකමැති බවක් පෙන්වූ අලි පැන්චෝ දෙදෙනෙක් ඉවතට යවනවා.



































මෙතන ලඟින්ම ඉන්නෙ කිරි බිලා ඉවරවූ අලිපැන්චෝ ටික. ඈතින් පෙනෙන්නේ තවමත් කිරි බොන අලි පැන්චෝ තුන් දෙනෙක් සහ කිරි බිම සඳහා තවමත් පැමිණෙමින් ඉන්නා අලි පැන්චෝ තුන් දෙනෙක්.  









අපි ආපහු එන ගමන් පළමුවෙන්ම ගියේ පල්ලෙබද්දේ සංඛපාල රජ මහා විහාරය වැඳපුදා ගන්නයි. මේ සංඛපාල රජ මහා විහාරය පිහිටි කන්දයි.









මේ පහල සිටබලපුවාම ඉහලින් පෙනෙන බුදු මැදුර 








 මේ සිහිවටන පුවරුවක් 





මේ මල් වලින් අලන්කාරවී තිබෙන විහාරයට යන පියගැට  පෙළ 







ඊට පස්සේ අප ගියේ දෙල්ගමුව රජ මහා විහාරය වඳින්නයි. කුරුවිට ටවුම පහු වෙලා මහා පාරෙන් කිලෝ මීටරයක් විතර ඇතුලට යන්න ඕනෑ.   මේක ඓතිහාසික විහාරයක් වන්නේ  කෝට්ටේ යුගයේ තිබු අවිචාරවත් පාලන සාමය තුල අනාරක්ෂිතවූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පුරා වසර 46ක් තුල සඟවා තැබුවේ මේ විහාරස්ථානය තුල කුරහන් ගලක් ඇතුලේ නිසයි.

මේ තියෙන්නේ දෙල්ගමුව රජ මහා විහාරයේ ඉදිරිපස දසුනක්  






මේ තියෙන්නේ දෙල්ගමුව රජ මහා විහාරය පැත්තකින් පෙනෙන අන්දම.





ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සඟවා තැබූ කුරහන් ගල අද තැන්පත් කර ඇත්තේ මෙම මන්ඩපය තුලයි.






මේ පෙනෙන්නේ එම කුරහන් ගලයි. මේ ගලේ කවදාවත් කුරහන්,ධාන්‍ය  හෝ අන් යමක් අඹරා නැහැ. එය විශේෂයන් සාදා ඇත්තේ දන්ත ධාතුව සැඟවිමටයි. එකල විහාරස්ඨාන වල කුරහන් ගල් භාවිතා කර ඇත්තේ පිළිම නිර්මාණයට උවමනා සිනිඳු වැලි සකස් කර ගැනීමටයි. අපට මෙ විස්තර කියල දුන්නේ එම පන්සලේ වැඩ වසනා භික්ෂුන් වහන්සේ නමක් විසින්ය. 

පහල චායාරුප 3න් එම කුරහන් ගල දැක්වෙනවා. 





















මේ අපි අවසාන වරට නැරඹු බෝපත් ඇල්ල ගැන විස්තරයයි.කුරුවිට ඉඳලා අතුරු මාර්ගයේ කිලෝ මීටර 8ක් විතර යන්න ඕනෑ. මේ ඇල්ලට බෝපත් ඇල්ල කියල නම වැටිලා තියෙන්නේ බෝ පතක් මෙන් පෙනෙන විධියට දිය ඇල්ල ගලා බසින නිසයි. 


























මේ දිය ඇල්ලේ පහතින් තියෙන ජලාශයේ නාන අය 






මේ ඉන්නෙ දිය ඇල්ලේ විවිධ විතර සාකච්චා කරන අපේ කට්ටිය.





දිය ඇල්ල අසලින් සිටින සුනිල් සහ චන්ද්‍රා,ඈතින් සිනා සෙමින් ඉන්නා දැරිය නම් කවුද කියල දන්නේ නැහැ. 






මෙතැන් ඉන්නෙ සංචාරය සඳහා එක්වූ අපේ කට්ටිය. සමහර දෙනා එහෙ මෙහෙ යන නිසා සිව් වරක්ම සමුහ චායාරුප ගන්න උනා. 


















































No comments: