Friday, October 24, 2014

අපේ වාර්ෂික චාරිකාව - පළමු කොටස



විදුදය කඳුරට මිතුරන්ගේ 2014 වසරේ අවසාන චාරිකාව මේ වසරේ ඔක්තෝම්බර් මස අවසානයට පැවැත්වීමට යොදා ගත්තේ අපේ  සාමාජිකයන් කිහිප දෙනෙකුම සිය දුදරුවන් බැලීමට වසරාවසානයේදී විදෙස්ගත වීමට කලින්ම සැලසුම් කර තිබුන නිසයි.  

මෙවර අප සංචාරය සඳහා තෝරා ගත්තේ උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමටයි.මිට අමතරව ඒ ගමන් ගමන්  මගේම තිබෙන සංඛපාල රජ මහා විහාරය,බෝපත් ඇල්ල, දෙල්ගමුව රජමහ විහාරය සහ සමන් දේවාලය  නැරඹීමද අපේ කණ්ඩායම අදහස් කළා. 
ගමන් විස්තරය පුරුදු පරිදි චායාරුප  මගින් විස්තර කරන්නයි අදහස් කරන්නේ.මේ ෆොටෝ සියල්ලම පාහේ ගත්තේ සුනිල් දිසානායක මහතා විසින්ය.
   

මේ අප ගමන ගිය බස් රථය. ඉදිරිපෙළ අසුනේ හිඳ සිටින්නේ සූරී සහ චන්ද්‍රා,ඊළඟ පේලියේ උඩුවාවල සහ හේරත්,උකුවෙල සහ සුනිල් පිටිපස්සේ දොර ළඟ ඉන්නවා පෙනෙනවා. 





අපි පලමුවෙන්ම රත්නපුරේ මා සමන් දේවාලයටයි ගියේ. දේවාලේ ඓතිහාසික ගල්පඩිපෙල සහ ඉදිරිපස දොරටුව පහතින් පෙනෙනවා.  



මෙතන තියෙන්නේ පැත්තකින් බැලු විට දේවාලය පෙනෙන අන්දමයි. ලොකු බඩක් දරා ගෙන ඒත් හැන්ඩියා වාගෙ ඉන්නෙ චන්දරේ තමයි.






මේ සමන් දෙවියන්ට පලතුරු පුජාවක් කරපු හේරත් ඒකෙන්  ආපසු ලැබුණු  කොටස මිතුරු මිතුරියන් අතරේ බෙදා දෙන අන්දමයි.





අපි කොහොම හරි වස්සට් ඉස්සරවෙලා උඩවලවේ ජාතික වනොද්‍යානය ඇතුලට ජීප් තුනකින් ගියා. මගදී වැස්සට අහු උනත් කලේ යෞවන් දැක ගන්නට ලැබුන නිසා ඒක එච්චර ගණන් ගත්තේ නැහැ.ඒත් වනොද්‍යානය ඇතුලේ පාර මද වෙලා තිබුන නිසා ගමන ටිකක් අපහසුවෙන් තමයි ගියේ.තැන් දෙකකදී විතර අපේ ජීප් එක ලිස්සලා ගියත් එකේ ටයර් හොඳට තිබුන නිසා ප්‍රශ්නයක් උනේ නම් නැහැ. 

මේ උඩවලවේ වනොද්යානයේදී අපිව ඉස්සරවෙලාම පිළිගත් මොනර රාජයා.ලස්සනයි නේද 


අලි රංචුව දුටුවේ අන්තිමටම වාගෙයි. මේ ඈතින් පෙනෙන සද්දන්තයෝ ටිකක්.














මොකටද ඈතට වෙලා විතරක් ඉන්නේ කියල මේ සද්දන්තයා නම් ළඟටම ආවා.














මෙතන ඉන්නෙ කෑම සොයා යන තවත් මොනරෙක් 













එක කොළයක්වත් නැති ගහක් උඩ  ඉඳගෙන මේ දෙන්නා මොනවාද දන්නේ නැහැ කරන්නේ  










මෙතන ඉඳල තියෙන්නේ අපේ පැදුරු පාටිය සහ රාත්‍රී ආහාර ගැනීමේ පින්තුරයි.පැදුරු පාටිය කිව්වට එතන පැදුරු නම් තිබුනේ නැහැ, එත සින්දු වතුර නම් ඇති තරම් තිබුන.කාන්තා පක්ෂයට නම් තිබුනේ sprit විතරයි.


































මෙතන සුනිල් සහ සූරී කොලයක් බලාගෙන වාර්තාවක් බලනවා වගේ පෙනේනුනත් එහෙම  නෙමෙයි සින්දුවක් කියනවා. උකුවෙල සහ මල්ලිකා යුවල සින්දු තොගයක් කුඩාවට ෆොටෝ කොපි කරලා ගෙනත් තිබුනා.













වැඩි විස්තර දෙවැනි කොටසෙන් ලියන්නම්.

No comments: