Monday, April 11, 2016

2016 වසරේ අපේපළමු සුහද හමුව 1 කොටස

2016 වසරේ අපේපළමු  සුහද හමුව - ගල්බන්ගලාවේදී පැවැත්වීමු.

විදුදය කඳුරට මිතුරන්ගේ 2016 වර්ෂයේ සුහද හමු දෙකක් තියෙනවා. එකක් අපේ වාර්ෂික මහාසභා රැස්වීම ඒක තියන්න සැලසුම් කරලා තියෙන්නෙ ජුනි මාසයේදී. වාර්ෂික මහා සභා රැස්වීමට පෙර පැවැත්වෙන සුහද හමුව මෙවර සිංහල හා හින්දු  අලුත් අවුරුදු උත්සවය නිමිති කර පැවැත්වීමට විධායක සභාව තීරණය කළා. අප තෝරා ගත්තේ අප්‍රේල් මස 3 වන ඉරිදා පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඇති ගල් බංගලාවේ  සුහද හමුව පැවැත්වීමටය. 

සුහද හමුවේ විස්තර සුපුරුදු පරිදි සේයාරූ  අධාරයෙන් විස්තර කරන්නම්.   

සුහද හමුව ආරම්භ කරමින් මෙ පොල්තෙල් පහන දල්වන්නේ පුරෝගාමී සාමාජික සුනිල් දිසානායක සොයුරා සහ සෙනවිරත්න සොයුරියයි.








ඊළඟට පහන දැල්වීමට භාණ්ඩාගාරික මිල්ටන් වීරසිංහ මහතාට එක්වුයේ අපේ  සංසදයට  අලුතින්ම එකතුවූ සාමාජිකයන් දෙදෙනාය.   



 මේ අතරතුරේදී තව සොයුරියන් කීපදෙනෙක්   අවුරුදු කෑම මේසය සකස් කරමින් ඉන්නවා. අපේ එක් එක් සාමාජිකයා රැගෙන ආ කැවුම්,කෙසෙල්,කිරිබත් හා කැවිලි වර්ග පිළිවෙලට සැකසීම මේ  අය අතින් කෙරුනා. සුහද හමුවක්  ආරම්භයේදී සම්ප්‍රදායිකව සිදුකරන සිසිල්බීම සංග්‍රහය වෙනුවට අවුරුදු කෑම මේසයක්  සකස් කිරීමේ  අදහස ලේකම් මල්ලිකා උකුවෙල මිහත්මියගේ එකක්. එක් එක් සාමාජිකයා විසින් ගෙන  ආ යුතු කැවිලි වර්ගය නියම  කිරීම වාගේම ඒවා නිසි පරිදි  ලැබීමත් හසුරුවුයේ ඇයයි.   





























මේ සුහද හමුවට පැමිණි සාමාජිකයන්ගෙන් කොටසක් 














































































මෙ අපේ සුහද හමුව රසවත් කිරීමට පැමිණි වාදක ශිල්පී  සොයුරා 


































අවුරුදු කෑම මේසය සකස් කරන අයගේ අත්  මෙන්ම කටවල්ද ක්‍රියාත්මක වෙන  බව පෙනුණු නිසා අපි ගැටලුවකට මුහුණ පෑවෙ කොළඹ සිට පැමිණෙන ආරාධිත විදුදය මිතුරන් තවමත් නොපැමිණි නිසයි. ඒ ආරාධිතයන් වෙනුවෙන් කැවිලි පෙවිලි ටිකක් වෙන්කළ අපි ඉක්මනින්ම අවුරුදු කෑම මේසයට පැමිණෙන ලෙසට සියලුම දෙනාට ඇරයුම් කළා.  





අපේ සාමාජිකයන් අවුරුදු තේ පැන් සංග්‍රහය භුක්ති විඳිමින් 























































































No comments: