නාමල් උයන සංචාරයෙන් පසු අපි ගියේ සුප්‍රසිද්ධ අව්කන බුදු පිළිම වහන්සේ වඳින්න.මිට කලින් දෙතං වතාවක්ම අව්කන පිළිම වහන්සේගේ චමත්කාර ජනක බව දුටුවත් මෙවර අපි දුටුවේ පිළිම වහන්සේ ඇලුමිනියම් බට ගොඩකින් වට කර ඇති බවයි.එහෙම කරලා තියෙන්නේ පිළිම වහන්සේට ආවරණයක් සැදීමේ කටයුතු අරඹා ඇති නිසයි.විශාල කණු 4ක් දැනටමත් ගොඩනගල ඒ කනු ටික පාඩම කරගෙන තමා නව ආවරණය තැනෙන්නෙ.ඊට පස්සේ වටේට තියෙන බට ටික ගලවලා දමන බවයි අප දැන ගත්තෙ. එක යාලුවෙක් කිව්වා කොම්පියුටරයෙන් මේ බට ටික අයින් කරලා පිළිම වහන්සේ විතරක් පෙන්නන්න පුළුවන්. ඒක කරන්න නම් මගේ කොම්පුටරයේ photo shop තියෙන්න ඕනෑ. මම දන්න photo shop? මේකත් සින්හලෙන් කොටා ගන්නෙ කොයි තරම් නම් අමාරුවෙන්ද කියල දන්නෙ මම විතරයි.
මේ අව්කන වන්දනා කරලා ආපසු එන අපේ මිතුරන්ගෙන් කොටසක්
අපි දිවා ආහාරය ගත්තේ කළා වැවේ වැව් බැම්මේ ඉඳන්.
දිවා ආහාරයට පෙර බස්රියේ එනගමන්ම සංගිතයකුත් තිබුනා.සින්දු වතුර ටිකක් එහෙමත් පාවිච්චි නොවූනාම නොවේ.
ලස්සන වැවේ ෆොටෝ එකක් තමයි මේ තියෙන්නෙ.
දිවා ආහාර විවේකයෙන් පසු අපි ගියේ රැස් වෙහෙර වඳින්න.මේ පිළිම වහන්සේ අව්කන පිළිම වහන්සේ තරම් කලාත්මක නොවන බව අපිට අසන්නට ලැබුනා. අව්කන පිළිම වහන්සේ සහ රැස් වෙහෙර පිළිම වහන්සේ අතර සම්බන්ධයක් තියෙන ජනකතා දෙකක් තියෙනවා.එක කතාවකින් කියවෙන්නෙ පළමුව රැස් වෙහෙර නිර්මාණය කල බවත් එය නිර්මාණය කර සිටිමින් සිටින විට එම පාෂාණය ගුනාත්මක බවින් අඩු නිසා එම පිලිමා නෙලීම නවතා හොඳ පාෂාණයක් තිබුන අව්කන පිළිම වහන්සේ නෙළු බවයි.
දෙවෙනි කතාවෙන් කියවෙන්නෙ පිලිම දෙනම නෙලීම ගැන ගුරුන්නාන්සේ සහ ගෝලයා අතර තරඟයක් තිබුන බවත් ගුරුන්නාන්සේ රැස් වෙහෙර පිළිමය නෙළු අතර ගෝලයා අව්කන පිළිමය නෙළු බවයි. ගෝලයාගේ නිර්මාණය තම නිර්මානයට වටා හොඳින් නිමවන බව දුටු ගුරුන්නාන්සේ බාගෙට නිම වෙමින් තිබුන තම පිළිමයේ ඉතුරු කොටස නිර්මාණය නොකරම සියදිවි නසා ගත් බවය.මේ කතා දෙකෙන් කෝක හරිද කියා නම් අප දන්නේ නැත. රැස් වෙහෙර තියෙන්නෙ කුරුනෑගල දිස්ත්‍රික්කයට මායිම් වෙන්නයි. එබැවින් අව්කන සිට තව කිලෝ මීටර 16කට වැඩි දුරක් කුරුණෑගල පැත්තට ගොස් රැස් වෙහෙර වන්දනා කරන්න අපි පැකිලුනේ නැහැ. සාපේක්ෂව බලන කොට අව්කන ප්‍රදෙශාට වඩා රැස් වෙහෙර දුප්ප්පත් පලාතක්.බාගයක් දුර යන කොට බොරළු පාරෙනුත් යන්න සිදුඋනා.
මේ වෙහෙර ගල් ගුහා සංකීර්ණයකින් යුත් එකක්. වළගම්බා රජ්ජුරුවෝ සැඟවිලා සිටපු තැනක් කියලයි අපි ඇහැව්වේ. මේ රැස් වෙහෙරට යන අපේ කට්ටිය
දඹුල්ලේ ගුහා සිහිපත් කරමින් නුවර යුගයේ සිතුවම් කලාව ඔපවට් කරන පිළිම වහන්සේලා වැඩ සිටින ගුහා දෙකක් මෙ වෙහෙරේ තියෙනවා.
මාමා තමයි අපිට විහාරය ගැන විස්තර කියල දුන්නෙ.
මෙතන තියෙන ඇඳ රාජසිංහ රජුගේ සමයේ නිර්මානය කල එකක්
මේ විහාරය ඉදිරියෙන් ඇති ගල්කුල
විහාරයට එළියෙන් තියෙන දේව රුප සහ ඒ සමග ඇති ලියවැල් පෙළ.
රැස් වෙහෙර පිළිම වහන්සේ
වන්දනාවෙන් පසු විඩා නිවන යාලුවෝ
රැස් වෙහෙරේ සිටින චෛත්‍ය රාජයා. කාලය හරස්වුනු නිසා වෙහෙර ලඟට නම් ගියේ නැහැ.