Friday, October 24, 2014

අපේ වාර්ෂික චාරිකාව - පළමු කොටස



විදුදය කඳුරට මිතුරන්ගේ 2014 වසරේ අවසාන චාරිකාව මේ වසරේ ඔක්තෝම්බර් මස අවසානයට පැවැත්වීමට යොදා ගත්තේ අපේ  සාමාජිකයන් කිහිප දෙනෙකුම සිය දුදරුවන් බැලීමට වසරාවසානයේදී විදෙස්ගත වීමට කලින්ම සැලසුම් කර තිබුන නිසයි.  

මෙවර අප සංචාරය සඳහා තෝරා ගත්තේ උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමටයි.මිට අමතරව ඒ ගමන් ගමන්  මගේම තිබෙන සංඛපාල රජ මහා විහාරය,බෝපත් ඇල්ල, දෙල්ගමුව රජමහ විහාරය සහ සමන් දේවාලය  නැරඹීමද අපේ කණ්ඩායම අදහස් කළා. 
ගමන් විස්තරය පුරුදු පරිදි චායාරුප  මගින් විස්තර කරන්නයි අදහස් කරන්නේ.මේ ෆොටෝ සියල්ලම පාහේ ගත්තේ සුනිල් දිසානායක මහතා විසින්ය.
   

මේ අප ගමන ගිය බස් රථය. ඉදිරිපෙළ අසුනේ හිඳ සිටින්නේ සූරී සහ චන්ද්‍රා,ඊළඟ පේලියේ උඩුවාවල සහ හේරත්,උකුවෙල සහ සුනිල් පිටිපස්සේ දොර ළඟ ඉන්නවා පෙනෙනවා. 





අපි පලමුවෙන්ම රත්නපුරේ මා සමන් දේවාලයටයි ගියේ. දේවාලේ ඓතිහාසික ගල්පඩිපෙල සහ ඉදිරිපස දොරටුව පහතින් පෙනෙනවා.  



මෙතන තියෙන්නේ පැත්තකින් බැලු විට දේවාලය පෙනෙන අන්දමයි. ලොකු බඩක් දරා ගෙන ඒත් හැන්ඩියා වාගෙ ඉන්නෙ චන්දරේ තමයි.






මේ සමන් දෙවියන්ට පලතුරු පුජාවක් කරපු හේරත් ඒකෙන්  ආපසු ලැබුණු  කොටස මිතුරු මිතුරියන් අතරේ බෙදා දෙන අන්දමයි.





අපි කොහොම හරි වස්සට් ඉස්සරවෙලා උඩවලවේ ජාතික වනොද්‍යානය ඇතුලට ජීප් තුනකින් ගියා. මගදී වැස්සට අහු උනත් කලේ යෞවන් දැක ගන්නට ලැබුන නිසා ඒක එච්චර ගණන් ගත්තේ නැහැ.ඒත් වනොද්‍යානය ඇතුලේ පාර මද වෙලා තිබුන නිසා ගමන ටිකක් අපහසුවෙන් තමයි ගියේ.තැන් දෙකකදී විතර අපේ ජීප් එක ලිස්සලා ගියත් එකේ ටයර් හොඳට තිබුන නිසා ප්‍රශ්නයක් උනේ නම් නැහැ. 

මේ උඩවලවේ වනොද්යානයේදී අපිව ඉස්සරවෙලාම පිළිගත් මොනර රාජයා.ලස්සනයි නේද 


අලි රංචුව දුටුවේ අන්තිමටම වාගෙයි. මේ ඈතින් පෙනෙන සද්දන්තයෝ ටිකක්.














මොකටද ඈතට වෙලා විතරක් ඉන්නේ කියල මේ සද්දන්තයා නම් ළඟටම ආවා.














මෙතන ඉන්නෙ කෑම සොයා යන තවත් මොනරෙක් 













එක කොළයක්වත් නැති ගහක් උඩ  ඉඳගෙන මේ දෙන්නා මොනවාද දන්නේ නැහැ කරන්නේ  










මෙතන ඉඳල තියෙන්නේ අපේ පැදුරු පාටිය සහ රාත්‍රී ආහාර ගැනීමේ පින්තුරයි.පැදුරු පාටිය කිව්වට එතන පැදුරු නම් තිබුනේ නැහැ, එත සින්දු වතුර නම් ඇති තරම් තිබුන.කාන්තා පක්ෂයට නම් තිබුනේ sprit විතරයි.


































මෙතන සුනිල් සහ සූරී කොලයක් බලාගෙන වාර්තාවක් බලනවා වගේ පෙනේනුනත් එහෙම  නෙමෙයි සින්දුවක් කියනවා. උකුවෙල සහ මල්ලිකා යුවල සින්දු තොගයක් කුඩාවට ෆොටෝ කොපි කරලා ගෙනත් තිබුනා.













වැඩි විස්තර දෙවැනි කොටසෙන් ලියන්නම්.

Tuesday, October 14, 2014

වාර්ෂික මහා සභාවෙන් පසු පැවති පළමු කොමිටි මිටීම






පසුගිය ජුලි මාසයේදී පැවැත්වුන විදුදය කඳුරට මිතුරන්ගේ වාර්ෂික රැස්වීමෙන් පසු පළමු වරට රැස්වූ කො මිටි මිටීම  තිබුනේ විශ්‍රාම ලත් විදුහල්පතිනියක වන ලලිතා ජයසුරිය මහත්මියගේ නිවසේදීය.

ලලිතා විද්‍යොදය විශ්ව විද්‍යාලයේදී හැදෑරුවේ භූගෝල විද්‍යාව විශේෂ උපාධි පාඨමාලාවයි. ඇය1977 වසරේදී  ගුරු වෘතියෙන් රාජ්‍ය සේවයට පිවිසියාය.ඉන් පසුව අධ්‍යාපන ඩිප්ලෝමා, අධ්‍යාපන දර්ශනපති, සහ අධ්‍යාපන පරිපාලන සේවා යන සුදුසුකම් ලද ඇය 2000 වසරේදී මහනුවර හේමමාලි බාලිකා විදාලයේ විදුහල්පතිනිය ලෙස පත්වී 2011 වසරේදී විශ්‍රාම ලැබුවා. පහත චායා රුපයේ ඉන්නේ ලලිතා.




මෙතන ඉන්නේ ලලිතා සහ ජයන්ත ජයසුරිය. මේ දෙන්නා 1977 වසරේදීයි විවාහ උනේ. කටුබැද්ද මණ්ඩපයේ ඉගෙන ගෙන එහි දිප්ලෝමාව ලද ජයන්ත ඉන් පසුව විදේශීය  උපාධියක්ද ලබා  විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු ලෙස සේවය කර දැන් විශ්‍රාම ලබා ඉන්නවා.





මෙතන ඉන්නේ ලලිතගේ පව්ලේ සාමාජිකයන් ලලිතා,ජයන්ත,පුතාලා දෙන්නා,යේලිය  සහ චුටි පුතා මෙතන ඉන්නවා. 






මේ සමග පහතින් තිබෙන ඡායාරූපයේ වම් කෙරවලේ සිනාමුසු මුහුනින්  ඉන්නෙ ලලිතා.බැරල් බාගෙයක්  වාගෙ ටිකක් මහත නම්  තමයි. එයා ලඟින්ම ඉන්නෙ මල්ලිකා. ඊළඟට සුනිල්, සූරී, චන්ද්‍රා සහ මාලා.  මේ සියලු දෙනාම  සමරසේකර විසින් පෙන්වන විදුදය මිතුරන්ගේ වෙබ් පිටුව දෙස උනන්දුවෙන් බලාගෙන ඉන්නවා.





ජුලි මාසයදී පැවැත්වුණු විදුදය මිතුරන්ගේ වාර්ෂික මහා සභා රැස්විමෙන් පසු පැවැත්වුණු පළමු කොමිටි මිටීම මෙය බැවින් පසුගිය කාලයතුලදී  සංගමයට අදාලව සිදුවූ  සිද්ධීන් ගැන මෙන්ම ඉදිරි කාලයේදී සංගමය විසින්  කලයුතු වැඩ කටයුතු ගැනද   බොහෝ තර්ක විතර්ක,සාකච්චා,අදහස් පල කිරීම් ආදිය මෙහිදී ඇතිවීම ස්වාභාවිකයි. එසේ සාකච්චාව ගලා ගිය අන්දමපහල ඡායාරූප මගින් පෙනෙනවා.
















එහෙත් තේ මේසයේදී එම තර්ක විතර්ක සියල්ලටම තිත තැබුණා.




















Sunday, October 5, 2014

විදුදය කඳුරට මිතුරෝ වාර්ෂික රැස්වීමෙන් පසු ප්‍රගති වාර්තාව

 විදුදය කඳුරට  මිතුරන්ගේ 2014 වාර්ෂික රැස්වීමෙන් පසු ගතවූ කාලය ගැන ප්‍රගති වාර්තාව මේ සමග ඉදිරිපත් කරනවා. ඉස්සවෙලාම පල කරන්නේ 2014 වර්ෂය සඳහා පත්වූ නව නිලධාරි මණ්ඩලය.


 මේ තමයි අපේ සංගමයේ ප්‍රගති වාර්තාව 






ඊළඟට තියෙන්නෙ අපි මේ මාසේ 21 වැනිදාට යන්න බලාපොරොත්තු වෙන චාරිකාව ගැන සාමාජිකයන් දැනුවත් කල විස්තරයක්  විස්තරයක්. අපි මුලදී බලාපොරොත්තු උනේ මේ මස 20 වැනි සඳුදා යන්න උනත්22 දා රජයේ නිවාඩුවක් නිසා 21 සහ 22 දෙදිනට චාරිකාව යොදා ගත්තා.   






මේ blog ඒක බලන අප සංගමයේ සියලු දෙනාටම මෙම චාරිකාව සඳහා එකතු වන්නැයි ඉතා සිතින් ආරාධනා කරන්නේ සංගමයේ ගරු ලේකම්  මල්ලිකා උකුවෙල මහත්මියයි.

Saturday, September 6, 2014

විදුදය මිතුරන්ගේ කොමිටි මිටීමක්,,,,

විදුදය මිතුරන්ගේ කොමිටි රැස්වීමක් සාමාන්‍යයෙන් දෙමසකට වරක් කොමිටි සාමාජිකයෙකුගේ ගෙදර පැවැත්වෙනවා.ගෙදරක පවත්වන මෙවැනි රැස්වීමක් ඉතා වැදගත් වන්නේ නව පරිසරයක් තුලදී අපිට සුහද කතාබහකට ඉඩක් ලැබෙන නිසා පමණක් නොව සාකච්චාව අවසානයේදී රසවත් තේ පැන් සංග්‍රහයක්ද ගෙහිමි සාමාජිකයාගෙන් ලැබෙන නිසාය. මේ නිසා අප සියල්ලෝම 1960 දශකයේ විද්‍යොදය විශ්ව විද්‍යාලයේ ගත කල සරසවි මිහිරි සිසු දිවියට මනැසින් පිවිසීම නිරායාසයෙන්ම සිදුවෙනවා.
  මින් ඉදිරියට අපේ ද්විමාසික කොමිටි රැස්වීම් පවත්වන නිවසේ  සිටින අප සංගමයේ සාමාජිකයා/සාමාජිකාව  ගැන විශේෂ  හැඳින්වීමක් මෙම වෙබ් අඩවියෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරනවා. අප එසේ කරන්නේ මෙම වෙබ් අඩවියට පිවිසෙන අයට ක්‍රමානුකුලව සහ පියවරෙන් පියවරට අප සාමාජීකයන් ගැන මෙන්ම ඔවුන්ගේ  කුටුම්භය ගැනද අවබෝධයක් ලබා දීමටය.

මෙම අරමුණට අණුව යමින්  මේ වසරේ  මැයි මස විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරි,  නීතිඥමිල්ටන් වීරසිංහ මහතාගේ ගෙදර පැවති රැස්වීමේ විස්තර මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.
 විදුදය කඳුරට මිතුරන් ඉන්නා පහල තිබෙන ෆොටෝ එකේ වම් පැත්තේ හිටගෙන ඉන්න අයගෙන්  පළමුවෙන්ම ඉන්නෙ වීරසිංහ තමයි. විරේ විද්‍යොදය විශ්ව විද්‍යාලයේදී භූගෝලය විශේෂ උපාධිය තමයි හැදෑරුවේ.විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ටික කලක් මාර්ග ආය තනයේ සේවය කල ඔහු ඉන් ඉවත් වුනේ   වෙන්නප්පුව ධිවර සමුපකාර සමිතියේ සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කිරීමටයි. විරේ මෙම තනතුරේ කටයුතු   කරමින් සිටියදීම  කම්කරු නිලධාරි පත්වීමක් ලැබීමෙන් රාජ්‍ය සේවයට පිවිසියේය. දින 25ක් තරම් කෙටි කාලයක් එම තනතුර දරු විරේ ඉන් පසු ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුලත් විය. අවුරුදු 35 කට  අධික කාලයක් පරිපාලන සේවයේ විවිධ තනතුරු දැරූ  විරේ ඉන් විශ්‍රාම  ගත්තේ ඉඩම් සහ ඉඩම් සංවර්ධන  අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙක් ලෙසටය. රාජ්‍ය සේවයේ සිටියදීම නීති උපාධිය සමත්වූ  විරේ නීතිඥ වරයෙකු ලෙසද දිව්රුම්දී ඇත. විරේට ඉන්නේ පුතුන් දෙදෙනෙක්.එක් කෙනෙක් ඇමරිකාවේ පරිගණක ඉංජිනේරු වරයෙක් ලෙස සේවය කරන අතර අනෙක් පුතා විගණක නිලධාරි වරයෙක් ලෙස සේවය කරනවා. විරේගේ බිරිඳගේ නම මාලා. මේ ෆොටෝ එකේ විරේ සමගින් හිටගෙන  ඉන්නා අනෙක් අය නම් සූරී, සුමනසේකර, සුනිල්, සහ සමරසේකර ය.ඉඳගෙන ඉන්නේ අශෝකා, අයිරා සෙනවිරත්න, ලලිතා සහ මල්ලිකාය.





 ෆොටෝ එකේ අලුතින් දෙදෙනෙක් ඉන්නවා සූරී ලඟින්ම ඉන්නේ සුරිගේ බිරිඳ චන්ද්‍රා.ඉඳගෙන ඉන්නය අතරෙන් මල්ලිකා ලඟින් ඉන්නේ විරේගේ බිරිඳ මාලා.



































මේ කොමිටි සාමාජිකයන් හමුවේදී සිදුවුණු තවත් වැදගත් දෙයක් උනේ පසුගිය මාසයේ කල විදුදය කඳුරට මිතුරන්ගේ වස්ගමුවේ චාරිකාව ගැන ලියු වෙබ් ලිපිය කොමිටි සාමජිකයන්ට පෙන්වීමයි. වස්ගමුවේදී අපි කට්ටිය වන අලින්ට කොටුවූ පින්තුර අපි නැරඹුවේ මහත් සතුටින්.  


















මෙම පින්තුර ටික අඩංගු වෙබ් පිටුව නැරඹීමෙන් පසුව  විදුදය කඳුරට මිතුරන් වෙනුවෙන්ම විශේෂිතවූ වෙබ් අඩවියක් ඇරඹිය යුතුය යන අදහස ඇතිවිය .සභාපති සුරි එම අදහස මහත් කැමැත්තෙන් පිළිගත්තා.එහෙම තමයි විදුදය කඳුරට මිතුරන්ගේ වෙබ් අඩවිය බිහි උනේ.

මෙතන බර සාකච්චාවක් 



මෙතන තියෙන්නේ තේපැන් සංග්‍රහයේ දර්ශන