Friday, October 16, 2015

අපේ තිරිකුනාමලේ සංචාරය - 1 කොටස


විදුදුය කඳුරට මිතුරන්ගේ 2015 වාර්ෂික සංචාරයට මෙවර තෝරා ගත්තේ ත්‍රිකුණාමලේ සංචාරය කිරීමටයි. සුපුරුදු විධියටම චායාරෑප මගින් කතාව කියන්නයි අදහස් කරන්නෙ. චායාරෑප ගොඩක් තියන නිසා   මේ සමරසේකර සහ සුනිල්ගේ  කැමරාවෙන් සංචාරය දුටු ආකාරයයි. ෆොටෝ ගොඩක් තියෙන නිසා කොටස් දෙකකින් විස්තරය ලියන්නයි අදහස් කරන්නෙ . 

මෙතන ඉන්නේ කුලතිලක. පසෙකින් තියෙන්නේ අප සංචාරය සඳහා යොදාගත් බස් රියයි. කුලේ සිය පව්ලේ සියලු දෙනාම සමග සංචාරයට පැමිණියා. 



මේ දඹුල්ලේදී ලද කෙටි විවේකයෙන් පස්සේ බස් එක ළඟ ඉන්නේ විරේ, සූරී, ඉලන්ගේ සහ සුනිල්. පිටිපස්සෙන් ඉන්නේ හේරත්.







මේ තියෙන්නේ අප බස්රියේ ගමන් කල ආකාරය දැක්වෙන අවස්ථා කිහිපයක් දැක්වෙන සේයා රූ කිහිපයක් . 


















මෙතන ඉන්නේ කමලා,සේන,උඩුවාවල, සූරී සහ ඉලන්ගේ.





මේ තියෙන්නෙ අපි වැඳ පුදා ගත් ගිරිහඩු සෑය.මේ සෑය පිහිටලා තියෙන්නෙ නිලාවැලියට උතුරින්. මේ තමයි අපේ රටේ පලමුවේ පළමුවෙන්ම පිහිටවූ චෛත්‍යය. තපස්සු භල්ලුක සහෝදරයන් දෙදෙනා විසින් බුදු රජුන් ජීවමානව වැඩ සිටියදීම උන්වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු තැන්පත්කර සැදු චෛත්‍ය තමා  මේ. පහතින් තියෙන්නේ එතන තිබුන ෆොටෝ එකක් මගේ කාමරා ඇසට පෙනුන ආකාරයයි.












මේ  එතන තිබු තවත් විස්තරයක්.








ගිරිහඬු සෑය අද දිස්වෙන ආකාරය.








ගිරිහඬු සැ වන්දනාවෙන් පසු එතන සිටි  අපේ කට්ටියෙන්කොටසක්. කමලා, විනිතා, සමරසේකර
ආනන්ද,අශෝකා සහ අමන්දකෝන් මෙතන ඉන්නවා. ෆොටෝ එක ගත්තේ සුනිල්. 






සුනිල් සිටින ඊළඟ ෆොටෝ එක ගත්තේ මම 




මේ ගිරිහඬු සෑ  වන්දනාවෙන් පසු ගල් පඩි පෙළ ඔස්සේ ආපසු පහලට බසින විදුදය මිතුරන්ගෙන් කොටසක්  සුමනසේකර, කුලේ  සහ අශෝකා ඉස්සරහින්ම ඉන්නවා.ඊළඟට ආනන්ද,කමලා සහ විනිතා.අන්තිමට ඉන්නේ රම්‍යානි සහ ඇයගේ දුව.





මේ ගිරිහඬු සෑය පුජා භූමියේ  තැන්පත් කර තිබු දා කරඬුව. 






විහාර ගෙය තුල වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ 





පුජා භුමිය තුල නිදහසේ සිටින මුවෙක්.ඒ උනාට එයා අහක බලාගෙන හිටපු නිසා බොහොම මාරුවෙන් පඳුරු  අස්සෙන්   රිංගලා  මුණ කැමරාවට හසු කර ගත්තා.     











මේ පුජා භුමිය හතර වටේම පදිංචි වෙලා ඉන්නේ දෙමල ජාතිකයන්. එක සිංහල බෞද්ධ පව්ලක්වත් නැහැ. දිවයිනේ අනෙක් ප්‍රදේශ  වල සිටින  බෞද්ධ ජනයාගේ ආධාරයෙන් තමා මේ  පුදසුන නඩත්තු වෙමින් පවතින්නෙ.  මේ පුජා භුමිය 1987දි eltte ත්‍රස්තවාදීන් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කර දැම්මා. මේ ඒ  ගැන ඇති පින්තුර ඵලකය.






ගිරිහඬු සෑ වන්දනාවෙන් පසු නිලාවැලි මුහුදු තිරයේ ආශ්වාදය මදි නොකියන්න  ලබා ගත්තා. කාලෙකින් මුහුදු වතුර නාන්නත් පුළුවන් වුනා. මේ මුහුද අද්දර ඉන්නා යාලුවෝ.










මේ මුහුදේ නාන්න  සුදානම් වෙන විරේ සහ සමරසේකර  


























ගොඩබිම ඉඳලා මුහුද පසුබිම් කරගෙන selfi  ගත්ත සුනිල්.












































 සවස් කාලය අප ගත කලේ කින්යාවේ ඇති සුප්‍රසිද්ධ උණුදිය ලිං වලින් නෑම සඳහායි. මට මතක් උනේ 2003 වසරේදී මේ උණුදිය ලිං වලින් අපි නෑ ආකාරයි. එකල මේ ප්‍රදේශයට ඇතුල් වීමට ත්‍රස්තවාදීන්ට බදු ගෙවීමට අපට සිදු උනා. එකල ඔවුන් උණුදිය ලිං ගැන බොරු ඉතිහාසයක් ලියු පුවරු එල්ලා තිබුනා. දැන් ඒ කිසිවක් නැහැ. පුරා විද්‍යා අංශයට රුපියල් 10.00ක් ගෙවා ටිකට් එකක් ගැනීම විතරයි කල යුතු වන්නේ.

අපේ නවාතැන වුනේ සර්වෝදය දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයයි.මෙතන හොඳ සුවපහසු තැනක්. සූරී මෙතන හොයා ගන්න බොහොම මහන්සි වුනා. සවස අපි පුරුදු විධියට අපේ පැදුරු පාටිය දැම්මා.

 මේ පාටිය සඳහා සුදානම් වන අමන්දේ.




පැදුරු පාටියට සහභාගි වෙමින් නිදහසේ සින්දු කියන අපේ සගයෝ 














ඉලන්ගේට මනමේ නාඩගමේ ගීත අමතක උනේ නැහැ. 


















මේ පින්තුර ටික ගත්තේ මාලා. ඒවා මම ගත්ත ඒවාට වඩා හොඳට තියෙනවා.






පසුදා උදැසන අපි සර්වොදය  පුහුණු මධ්‍යස්ථානය  පසුබිම කරගෙන සමුහ චායාරෑප ගන්න අමතක කලේ නැහැ. අපේ කට්ටිය ලාහට ගෙම්බෝ එකතු කරනවා වාගේ සරින් සැරේට එලියට ආපු නිසා සමුහ චායාරුප ගොඩක්  ගන්න උනා.




අපේ කාන්හා පාර්ශවය වෙනමම ඉන්දලා ෆොටෝ ගන්නත් අපි අමතක කලේ නැහැ.






















දෙවෙනි කොටසින් පසුදා නැරඹු තැන සහ වන්දනා කල තැන් ගැන ලියන්නම්.

සමරසේකර 




















































Monday, September 14, 2015

විදුදය කඳුරට මිතුරෝ පුවත්.

                                                                                                 






                                                                                                  
           
                                                                                                    විදුදය කඳුරට මිතුරෝ
                                                                                                   15/1, තැන්නෙපිටිය වත්ත
                                                                                                   මල්පාන
                                                                                                   කෙන්ගල්ල.
11.09.2015

                                මහතා/මහත්මිය
විදුදය කඳුරට මිතුරෝ නවතම පුවත්  සහ වාර්ෂික චාරිකාව
විදුදය කඳුරට මිතුරෝ නවතම පුවත් කෙටියෙන්
1.                  මෑතකදී අප අතරින් වියෝවූ  විදුදය කඳුරට මිතුරෝ  සක්‍රිය සාමාජිකයෙකුවූ ඩබ්.බි. උකුවෙල මහතා බරපතල ලෙස රෝගාතුර අවස්ථාවේදී අපගේ ඉල්විම මත සාමාජිකයන් වැඩි දෙනෙක් ආධාර එවුහ. තවමත් එකී ආධාර ලැබෙමින් පවති. (ආධාර එවූ  සාමාජිකයන්ගේ ලදු පත් මෙම ලිපිය සමග ඒවා ඇත.) මල්ලිකා උකුවෙල මහත්මිය විසින් එම මුදලින් රුපියල් 25000.00ක් පමණක් භාර ගෙන ආධාර කිරීමට දායකත්වය දැක්වූ සාමාජිකත්වයට  සිය කෘතඥතාවය පලකර ඇත.

2.                  ඉතිරි මුදල යොදා මෙවැනි ආපදාවන්ට පත්වන විදුදය කඳුරට මිතුරෝ  සාමාජිකයන්ට ආධාර කිරීමට අරමුදලක් ගොඩනගා ඇති අතර, එයට සංගමයේ අරමුදලින් රුපියල් 50,000.00 ක්ද  යොදවා ඇත. එම අරමුදල තර කර ගැනීම සඳහා ඉදිරියේදී   සාමාජිකයන්ගෙන් ස්වේච්චාවෙන් අරමුදල් එකතු  කර ගැනීමට යෝජනාවී ඇත.

3.                  දෙවන පියවර ලෙස දැනට බරපතල ලෙස රෝගාතුරවී ප්‍රතිකාර ලබමින් සුවපත් වෙමින් සිටින ආර්.එම්. නවරත්න මහතාට රුපියල් 10,000.00 ක ආධාරයක් ලබා දීමට කටයුතු කරමින් සිටිමු .

4.                  තෙවන පියවර ලෙස දැනට බරපතල ලෙස රෝගාතුරවී ප්‍රතිකාර ලබමින් සුවපත් වෙමින් සිටින තවත් සාමාජිකාවකටද මුල්‍ය ආධාරයක් ලබා දීමට කටයුතු කරමින් සිටිමු .

5.                  මෑතකදී අප අතරින් වියෝවූ සාමාජික ඩබ්.බි. උකුවෙල මහතාගේ අවමගුල් පුවත ජංගම දුරකථන පණිවිඩ (mesages) ඔස්සේ සාමාජිකත්වයට දැන්වූ අතර, එයට ප්‍රතිචාරය දැක්වමින් විවිධාකාර සහාය පලකල සහ අවමගුලට සහභාගිවූ සාමාජිකත්වයට විදුදය කඳුරට මිතුරෝ සිය කෘතඥතාවය පල කර සිටියි.

6.                  ජංගම දුරකථන පණිවිඩ (mesages) ඔස්සේ සාමාජිකත්වයට ඉක්මනින් සහ අවම වියදමක් යටතේ තොරතුරු යැවිය හැකි අතර, එම ක්‍රමය විදුදය කඳුරට මිතුරෝද  භාවිතා කළහ. එම  පණිවිඩ (masages) බැලීමට උනන්දුවූ සාමාජිකත්වයට විදුදය කඳුරට මිතුරෝ සිය කෘතඥතාවය පල කර සිටියි. මෙමගින් ඉදිරිටටද ඔබ සමග සන්නිවේදන පැවැත්වීමට අපේක්‍ෂා කරමු.

7.                  අවමගුලේදී විදුදය කඳුරට මිතුරෝ දැක්වූ සක්‍රිය දායකත්වය මල්ලිකා උකුවෙල මහත්මිය සහ දු දරුවන්ගේ සහ නැ  හිතවතුන්ගේ ඇගයීමට ලක්වූ බව මෙන්ම ඒ ගැන  ඔවුන් සැමදෙනාගේ කෘතඥතාවය මල්ලිකා උකුවෙල මහත්මිය විසින් විදුදය කඳුරට මිතුරන්ට  දන්වා ඇත. අවමගුල ගැන විදුදය කඳුරට මිතුරෝ යැවු විස්තර ලංකාදීප පත්‍රයේ පළකිරීමට අනුග්‍රහය දැක්වූ ලංකාදීපයේ  ප්‍රධාන  කර්තෘ සිරි රණසිංහ  මහතාට අපගේ ස්තුතිය පිරිනමමු. 

8.                  විදුදය කඳුරට මිතුරන්ගේ නවතම පුවත් දැනගැනීමට   අපගේ වෙබ් පිටුව වන vidudayakandurataithuro හෝ vidudayakandratamithuroblogpost.com නිරන්තරයෙන් නරඹන ලෙසට ඉල්ලා සිටින අතර,එහි පල කිරීම සඳහා ඔබගේ නිර්මාණ එවන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටිමු .

වාර්ෂික චාරිකාව.
2015.ඔක්තෝම්බර් මස 9 සහ 10 (සිකුරාදා සහ සෙනසුරාදා දෙදින වාර්ෂික චාරිකාව පැවැත්වේ. බොහෝ දෙනාගේ ඉල්වීම මත මෙවර අප චාරිකා කරන්නේ ත්‍රිකුණාමලය පෙදෙසටයි. සංචාරය සඳහා ඔබ සහ ඔබ පව්ලේ සාමාජිකයන්ගේ පැමිණීම අපේක්ෂා කරමු. තිරියාය පුජාභූමි සහ කොනේශ්වරම් පුජාභූමි වන්දනාවෙන් අනතුරුව නිරාවැලි වෙරළ සහ කින්යා උණුදිය උපත් නරඹා  මින් එක තැනකදී ස්නානය කිරීමටද අපේක්‍ෂා කරමු.  වැඩිදුර විස්තර පහත පළවේ. රාත්‍රී නැවතුමේදී සුපුරුදු පරිදි පැදුරු සාජ්ජයද පැවැත්වේ.                                                  
1.       ගමන් කරන දිනය                                           2015 ඔක්තෝම්බර්  9
2.       වෙලාව                                                           අලුයම 5.30
3.       ආරම්භක ස්ථානය                                           මහනුවර නාගරික රිය නැවතුම්  පොළ අසලින්
4.       උදෑසන ආහාරය                                              ඔබ විසින් රැගෙන ආ  යුතුය.
5.       දිවා,රාත්‍රී, පසුදා උදේ සහ දිවා ආහාර               සංවිධායකයන් විසින් සැපයේ
6.       අපේක්‍ෂා කරන කණ්ඩායම                              විදුදය කඳුරට මිතුරන්,පව්ලේ සාමාජිකයන්
                                                                                සහ හිත මිතුරන්
7.       අපේක්‍ෂිත මුදල                                                බස් ගාස්තු,නවාතැන් ගාස්තු සහ ආහාර වියදම
                                                                                ඇතුලත්ව, එක් අයෙකුගෙන් රුපියල් 2500.00 
8.       මුදල එවියයුතු දිනය                                        2015.09.25. දිනට හෝ ඊට පෙර
9 .      මුදල් භාර දිය යුත්තේ.                                     විදුදය කඳුරට මිතුරෝ DFCCබැංකුවෙ අංක
                                                                                006102003847 ගිණුමට
                                                              භාණ්ඩාගාරික මිල්ටන් විරසිංහ මහතාට
                                                                              දුක 0714466316
        නීතිඥ කෙහෙල්පන්නල මහතාට  0727112200






අපගේ වාර්ෂික සංචාරය සාර්ථක කරගැනීම සඳහා ඔබ සහ ඔබ පව්ලේ සාමාජිකයන් සියලු දෙනාගේ පැමිණීම අපේක්ෂා කරමු.





සුරිය කුමාර පෙරේරා                                                                   ඩබ්ලිව්.ඇම්.කේ.සමරසේකර
ගරු සභාපති                                                                                ගරු ලේකම්

දුරකථනය 0812310298                                                               දුරකථනය 0812376866

Tuesday, July 14, 2015

ජුලි මාසයේ කොමිටි මිටීම




ජුලි මාසයේදී අපේ කොමිටි මිටීම  පැවැත්වුයේ කොමිටි සාමජික චන්ද්‍රා හේරත් මහතාගේ මනරම් ගෙවත්තක් තුල තනා තිබු නිවසේදීයි. මේ කොමිටි මිටිම විශේෂයෙන් පැවැත්වුයේ අපේ මහා සභා රැස්වීමේදී ප්‍රදානය කිරීමට නියමිත ලොතරැයි ජයග්‍රාහකයන් තෝරා ගැනීමටයි. සිරිත් පරිදි අදාළ විස්තරය චයාරුප මගින්  ඉදිරිපත් කරන්නම්. මේවර  ෆොටෝ ගත්තේ භාණ්ඩාගාරික මිල්ටන් විරසිංහ මහතා  සහ කොමිටී  සාමාජික සමරසේකර මහතාය. චායාරුප ගත්තේ  ජංගම දුරකථන අධාරයෙන්ය. 




මේ ලොතරැයිය ඇදීමේ ආරම්භක අවස්ථාවයි.සභාපති සූරී සහ අයිරාංගනී හේරත් මත්මිය භාණ්ඩාගාරික විරේගේ  අරමුදල් එකහුවිම ගැනවූ විස්තරයකට සවන් දෙමින්  ඉන්නවා. 









සාකච්චාවට සම්බන්ධවූ ලලිතා සහ සේන 









සූරී ජයග්‍රාහක ටිකට් පත් තේරීමේ මුල්ම කාර්යට සම්බන්ධ කර ගත්තේ චන්ද්‍රා හේරත් සහ අයිරාංගනී හේරත් දෙදෙනාය.











ඊළඟ  ජයග්‍රාහකයා තේරුවේ විරේය.















සමරසේකරද ජයග්‍රාහකයෙකු තේරීමට සම්බන්ධ වෙමින්,




ජයග්‍රාහක ලොතරැයි අංක සටහන් කරන සමරසේකර සහ ලලිතා,




ලොතරැයි දිනුමක් තෝරණ සේන 







ලද ප්‍රතිඵල ගැන සාකච්චා කරනකොමිටි සාමාජිකයන් 










ලොටහ්රයියේ අවසාන ප්‍රතිඵලය වුනේ  1 සිට 5 දක්වා ජයග්‍රාහයකයන් 5 දෙනෙක් තෝරා ගැනීම සහ සැනසිලි ත්‍යාගි ලාභීන් 15 දෙනෙක් තෝරා ගැනීමයි. මේ සියලුම තෑගි 26 වැනි දින පැවැත්වීමට නියමිත මහා සභා රැස්වීමේදී ප්‍රදානය කිරීමටත් අලවි නොවූ ඉතිරි ලොතරැයි වෙනුවෙන්  කෙටි දිනුම් ඇදීමක් එදිනම පැවැත්වීමටත් තීරනය වුනා.

චන්ද්‍රා හේරත් සහ අයිරාංගනී හේරත්  දේපල විසින් උසස් අන්දමින් සැකසු තේ පැන් සංග්‍රහයකින් පසු එදින කොමිටි රැස්වීම අවසන් වුනා.   

Monday, July 13, 2015

සාමාජිකයන්ගේ ජංගම දුරකථන අංක





අපේ සාමාජිකයන් එකිනෙකාගේ ජංගම දුරකථන අංක පහතින් පල කරනවා.


2015 වාර්ෂික රැස්වීම



 පහත පලවන්නේ අපේ වාර්ෂික රැස්වීමේ නිවේදනයයි.මෙවරත්  එය පවත්වන්නේ මහනුවර කන්දී ලේක් ක්ලබ් හිදිඅ දිනය මේ ජුලි මස 26 ඉරිදා. සාමාජික සියලුම දෙනාගේ සහභාගිත්වය අපේක්ෂා කරනවා.







Thursday, May 21, 2015

මැයි මස කොමිටි රැස්වීම



විදුදය කඳුරට මිතුරන්ගේ 2015 වසරේ මැයි මස පැවැත්වූ කොමිටි මීටිම  පැවැත්වුයේ පැවැත්වුයේ කොමිටි සාමාජික ඩබලිව්. ඇම්.කේ. සමරසේකර මහතාගේ නිවසේදීය. සුපුරුදු විධියට චායාරුප ආධාරයෙන් විස්තරය ඉදිරිපත් කරනවා.මෙවර චායාරුප ගත්තේ එදින පැවති කොමිටි රැස්වීමේ සත්කාරක ඩබලිව්. ඇම්.කේ. සමරසේකර විසින්මයි.
ලැප්ටොප් ඒක ආධාරයෙන් යමක් විස්තර කරන්නේ සමරසේකර මහතා. ඒ ලඟින්ම ඉඳගෙන ඉන්නේ සෙනවිරත්න මහත්මිය සහ අයිරා මහත්මිය . සභාපස්හි සුරිය කුමාර මහතා සහ ලේකම් මල්ලිකා මහත්මිය එදින රැස්වීමේදී සාකච්චා කල යුතු කරුණු ගැන විමසමින් ඉන්නවා. එම සාකච්චාව දිහා ඉහා ඕනෑකමින් බලා ගෙන ඉන්නේ සේන මහතා. හේරත් මහතාද මෙතන හිටියත් කැමරාවට පිටුපා ඉඳගෙන ඉන්නා නිසා පෙනෙන්නේ නම් තට්ටය විතරයි. 






සාකච්චා කල යුතු කරුණු ගැන කරුණාදාස උඩගෙ මහතා යමක් සටහන් කරමින් ඉන්නවා.








සාකච්චාවේදී තිරණය උනේ ජුලි මස 25 දින කඳුරට මිතුරන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වීමටයි  




සාකච්චාව යන අතරතුරදී  අපි අපේ  සරසවි දිවියේ ගතකල අවධියේ සිදුවූ මතකයන් නැවත වරක් සිහියට ගෙන රස විඳින්නත් අමතක කලේ නැහැ. 






එම රැස්වීමට පෙර අප විසින් සංගමයේ අරමුදල් තර කරගැනීමට පැවැත්වීමට අපේක්ෂිත ලොතරැයියේ ටිකට් විකිණීමේ ප්‍රගතිය ගැන විමසා බලමින් ඉන්නා සභාපති සුරිය කුමාර මහතා.






එම තොරතුරු ඉදිරිපත් කරමින් විස්තර ඉදිරිපත් කරන්නේ ලේකම් මල්ලිකා උකුවල මහත්මිය. මේ දිනවල භාණ්ඩාගාරික වීරසිංහ මහතා සහ පරාවර්තක සුනිල් දිසානායක මහතා විදේශ ගතව සිටිනා බැවින් ලොතරැයිය  සංවිධාන කටයුතු මෙන්ම වාර්ෂික මහා සභාව රස්කරවීමේ මුලික වැඩ කටයුතු වල මුල් තැනක් මේ දෙන්නාට ගන්න වෙලා තියෙනවා.















විද්‍යුත් මාධ්‍යයක දායකත්ව ලබා ගෙන ධර්ම දේශනාවක් පැවැත්වීමේ අදහසද සාකච්ඡා උනා.



විදුදය සරසවියේ දිනක් ගත කිරීමට චාරිකාවක් යාම ගැනත් කොමිටිය සාකච්චා කළා .











මේ සාකච්චාවට ඕස්ට්‍රේලියාවේ ඉන්නා සුනිල් දිසානායක මහතා skyp තාක්ෂනය ඔස්සේ සම්බන්ධ උනා. මේ සුනිල් සමග සාකච්ඡා කරන කොමිටි සාමාජිකයන්ගෙන් කොටසක්. සබන්ධිකරන ගැටලුවක් නිසා සුනිල්ට සාකච්චාවට කලින් පැය දෙකක්ම කොම්පියුටරය ලඟට වෙලා ඉඳගෙන ඉන්න වෙලා තිබිලා තියෙනවා.  















 අගෝස්තු මස වාර්ෂික මහා සභාව පවත් වුවොත් තමාට ඊට සහභාගී විය නොහැකි යයි කරුණාදාස උඩගේ මහතා කියන්නේ ඒ මාසයේදී ඔහු විදේශ ගතවීමට නියමිත බව ප්‍රකාශ කරමින්ය.  ඊළඟ කොමිටි රැස්වීම වාර්ෂික මහසභාවට කලින් හේරත් මහතාගේ නිවසේදී පැවැත්වීමට තීරණය වුන අතර කරුණාදාස උඩගෙ මහතා  අසලින්ම  ඉන්නේ  හේරත් මහතායි.







කොමිටි රැස්වීමේ අවසානයට තිබුණේ සිරිත් පරිදි කෙරෙන තේ පැන් සංග්‍රහයයි. මෙතැන් ඉන්නේ ජයන්ත මහතා සහ සේන මහතායි.







සංග්‍රහ කටයුතු කෙරුනේ විනිතා සේනාරත්න මහත්මිය විසින්ය.එආ කොමිටි සාමාජිකයෙක් නොවුනත් විදුදය සරසවියේ උගත් අයෙක් නිසා මේ කොමිටි සාමාජිකයන් සමග සිනා සෙමින් කතා  කරන්න බොහෝ දේ ඇයට තිබුනා.කේක් තසිමක් අල්ලාගෙන හිටගෙන ඉන්න විනිතා අසලින් ඉඳගෙන ඉන්නේ ලලිතා ජයසුරිය  සහ මල්ලිකාය.පිරිමි අය ගෙන් පෙනෙන්න තිබෙන්නේ හේරත්ගේ මුහුණ පමණි.