Sunday, February 1, 2015

විදුදය කඳුරට මිතුරන්ගේ ශෝකාකුල අවස්ථා 11







විදුදය කඳුරට මිතුරන් දෙදෙනෙක් 2014 වසරේදී තම ජිවන ගමන නිමා කළා. එක්කෙනෙක් සේනාරත්න සොයුරා. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේදී රාජ්‍ය පරිපාලන විෂය ධාරාව හැදෑරු සේනාරත්න මහජන බැංකුවේ  සේවය අරඹා  විශ්‍රාම ගත්තේ ශාඛා කළමනාකරුවෙකු ලෙසින්ය. විද්‍යොදය විශ්ව විද්‍යාලයේදී මුණ ගැසුණු අශෝකා සොයුරිය සමග විවාපත්වූ සේනාරත්න සොයුරාට පුතුන් දෙදෙනෙක් සිටිනවා.  
 සේනාරත්න සොයුරාට සිය දිවි මග නිමා කරන්නට සිදුවුයේ ඔහු   පිළිකා රෝගයට ගොදුරුවීම නිසාය. විදුදය කඳුරට මිතුරන් රැසක් අවමංගල්‍යයට සහභාගී උනා. එදින සුනිල් සොයුරාට සිය කැමරාව ගැන ඒමට අමතකවූ බැවින් එහි චායාරුප ගත්තේ සභාපති  සූරී සොහොයුරා විසින්ය. නමුත් තාක්ෂණික ගැටලුවක් නිසා ස්මාර්ට් ෆෝන් ඒකෙන් එම ෆොටෝ එලියට ආවේ නැත. 
( අප සියලුදෙනාම පාහේ තමන් විසින් මිලදී ගෙන හෝ විදෙස්ගතව  සිටින දු දරුවන්ගෙන් ත්‍යාග ලෙසින් ලබා ගෙන හෝ smart ෆෝන් පාවිච්චි කරතත් එම මෙවලම 100% ක්ම සාර්ථකව නොහසුරු වන්නෝ වෙති. එබැවින් මේ අඩුපාඩුව ගැන සූරීට පමණක්ම වගකීම පැවරිය නොහැකි යයි සිතමි.)    එබැවින් අදාළ පොටෝ ටික ලැබුණු විටෙක ඒවා පල කරන්නට ඉටා ගත් අප මින් ඉදිරියට විදුදය කඳුරට මිතුරන්ගේ වැඩ සටහනකට සහභාගී වනවිට සිය කැමරාවද රැගෙනම ආ යුතු  යයි සුනිල් සොයුරාට දන්වා සිටියා. 
   

ලලනි අබේගුණරත්න සොයුරිය විදුදය සරසවියේ අප සමග සිටියේ 1966 සිට 69 දක්වා කාලය තුලදීය. සරසවි දිවියෙන් පසු ඇය ටික කලක් රක්ෂණ සංස්ථාවේ සේවය කල අතර පසුව මහජන බැංකුවේ සේවයට එක්වුණා.  ඇය ඉන් විශ්‍රාම ගත්තේ නියෝජ්‍ය කලමනාකාරිනියක් ලෙසටය. 2014 11.27.දින ඇය මිය ගියේ පිළිකා රෝගය නිසාය. 








පහල සේයාරුවේ ඉන්නේ සිය දිවි ගමන අවසන් කල ලලනි සොයුරියයි. 







මෙි චායාරැපයේ ඉන්නේ ලලනි සොයුරියගේ දයාබර සැමියා සහ දියනියන් දෙදෙනා



අපි අපේ ශෝකය පල කිරීමට බැනර් එකක් එල්ලිමටද අමතක කලේ නැහැ.


ශෝකය පල කිරීමට ගිය විදුදය කඳුරට මිතුරන්ගෙන් කොටසක් 
























මෙතන ඉන්නේ ලලනිගේ මල්ලී


Sunday, January 25, 2015

විදුදය කඳුරට මිතුරන්ගේ ශෝකාකුල අවස්ථා.







ගතවූ 2014 වසරේ මතකයන්  දෙස නැවත හැරී බලන විට අප සංගමයේ සතුටුදායක හමුවීම් මෙන්ම දුක්බර හමුවිම්ද තිබුනා. අද ලිපිය වෙන් වන්නේ එකී අවස්ථා වෙනුවෙන්ය. 
අපේ සංගමයේ සාමජිකයෙකුවූ නීතිඥ ගුණපාල ගුරුගේ   මහතාගේ එකම දියනියවූ  උදේශිකා  හර්ෂනී ගුරුගේ නාඔටුන්න මහත්මිය 2014 සැප්තැම්බර් මස 7 වන දින  හදිසියේ රෝගාතුරවී අකාලයේ මිය ගියා. අවමංගල්‍යය   පැවැත්වුයේ බොරැල්ලේ කනත්තෙදිය.  කොළඹ ජයරත්න  මල් ශාලාවේ තැන්පත් කර තිබු ඇයගේ දේහය පහතින් දැක්වේ. උදේෂිකා  මහත්මිය අවුරුදු 2ක පමණ  කුඩා පුතකුගේ  මවක්.  





සිරිත් පරිදි චයාරුප ගත්තේ මිතුරු සුනිල් දිසානායක සොයුරාගේ කැමරාවෙන්.
මෙතන සේයාරුවේ  ඉන්නේ නීතිඥ ගුණපාල සොයුරා  (මැද)  වම් පසින් ඉන්නේ දයාබර සැමියා.දකුණු පසින් ඉන්නේ 







මෙතන ඉන්නේ අවමංගල්‍යයට සහභාගී වීමට නුවර සිට කොළඹට ගිය විදුදය කඳුරට මිතුරෝ 












Thursday, January 1, 2015

උදාවූ නව වසර සාමය සහ සතුට පිරි සුභ නව වසරක් වේවා,,,,,,,,,,,,






 උදාවූ 2015 නව වසර සාමය සහ සතුට පිරි සුභ  වසරක් වේවා,,,,,,,,,,,, 

2015 උදාවු නව වසර විදුදය කඳුරට මිතුරන්ගේ සංසදයේ සියලුම සාමාජිකයන්ට, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට සහ මේ බ්ලොග් අඩවිය බලන සියලු දෙනාට මෙන්ම සියලු ලෝ වැස්සන්ටම නිරෝගිභාවය, සාමය, සතුට, සහ සැනසිල්ල පිරි සුභ නව වසරක් වේවා යයි විදුදය කඳුරට මිතුරෝ ඉත සිතින් සුභ පතයි.   

Monday, October 27, 2014

අපේ වාර්ෂික චාරිකාව 2 කොටස





අපේ වාර්ෂික චාරිකාවේ පළමු කොටසින් උඩවලවේ ජාතික වනොද්‍යානය බැලීමට ගිය ගමනේ පළමු දිනය ගතකල අන්දම ලියලා තියෙනවා. මේ කොටසින් කියන්නේ එහි දෙවෙනි දිනය ගත කල ආකාරය ගැනයි.
මේ කොට්ටවත්ත හෝටලයේ බෝජනාගාරයේ රාත්‍රී ආහාරය ගන්න අපේ මිතුරු මිතුරියන් ගෙන් කොටසක්,













අපි නැවතිලා හිටපු කොට්ටවත්ත හෝටලයේ විස්තර ටිකක් නොලියා හිටියොත් හරි නැහැනෙ. පරිසර හිතකාමී කබානා කිහිපයක්ම ඒකෙ තිබුනා.ආහාර ගැනීම සඳහා විශාලශාලාවක් තිබුනා.  කාර්ය මණ්ඩලය ප්‍රියමනාපයි. සැපයු ආහාරපාන හොඳයි. නවාතැන් පහසුකම්,රාත්‍රී සහ උදැසන ආහාර සමගින් වනොද්‍යානය නැරඹීමට ජීප් රථ පහසුකම් මෙන්ම වනොද්‍යානය නැරඹීමේ ගාස්තු සමගින් හෝටලය අය කලේ එක අයකුගෙන් රුපියල් 2400ක මුදලක් පමණයි. ඊට අමතරව අපේ බස් රථයේ රියදුරු සහ සහායකගේ නවාතැන් හා ආහාර පහසුකම්ද ඔවුන් විසින්ම දැරුවා. ඒක නිසා හෝටල් ගාස්තුව ඇත්තෙන්ම සාධාරණයි.  මේ තිබෙන්නේ කබානා අසලින් තිබෙන කුඩා අවන්  හලක්. 








මේ කබානා එකක පිට පැත්තේ දර්ශනයක්.







ඊළඟට තියෙන්නේ ඇත්අතුරු සෙවනේ අලි සුරතලුන් ගැන විස්තර 
අලි සුරතලුන් කීවට මේ ගොල්ල අම්මලා නැති අනාථයෝ.රටේ විවිධ පළාත් වලින් තමයි මේ අතුරු  සෙවනට එවලා තියෙන්නෙ.දිනකට පය 3 කට වරක් මේ ගොල්ලෝ කිරි බොන්න මෙතනට එනවා. පහලින් ඉන්නෙ එසේ කිරි බිමට ආ අලි පැන්චෙක් .එයා නම් කිරි ටික දෙනකල් ඉවසිල්ලෙන් බලාගෙන  ඉන්නවා   





මෙතන මේ ඉන්නෙ කිරි බොන අලි පැන්චෙක්. 



මෙතන අලි පැන්චෝ දෙන්නෙක් කිරි බොන අතරේ කිරි බීපු එක පැන්චෙක් බීපු කිරි ටික මදි වෙලාද කොහෙද දුකෙන් දුකෙන් හෙමින් හෙමින් ඉවතට යනවා.







මෙතන එක් අලි පැන්චෙක් කිරි බොන අතරේ මැද ඉන්නා එක්කෙනා ඉවසිල්ලෙන් බලා ඉන්නවා ඊළඟට තියෙන්නේ මගේ වාරේ කියල තමයි අන්තිම පැන්චා හිමින් හෙමින් වේදිකාවට කිට්ටු කරන්නේ. වැට ලගින්ම ඉන්නා කිරි බීපු අලි පැංචා තව සැරයක් කිරි ටිකක් බොන්න පුලුවන්ද කියල බලන්න හොර ගල් අහුලමින් ඉන්නවා.  ඒ අතර කාර්‍ය මණ්ඩලයේ අයෙක් විසින් කිරි බීපු ඒත් එතනින් ඉවත් වෙන්න අකමැති බවක් පෙන්වූ අලි පැන්චෝ දෙදෙනෙක් ඉවතට යවනවා.



































මෙතන ලඟින්ම ඉන්නෙ කිරි බිලා ඉවරවූ අලිපැන්චෝ ටික. ඈතින් පෙනෙන්නේ තවමත් කිරි බොන අලි පැන්චෝ තුන් දෙනෙක් සහ කිරි බිම සඳහා තවමත් පැමිණෙමින් ඉන්නා අලි පැන්චෝ තුන් දෙනෙක්.  









අපි ආපහු එන ගමන් පළමුවෙන්ම ගියේ පල්ලෙබද්දේ සංඛපාල රජ මහා විහාරය වැඳපුදා ගන්නයි. මේ සංඛපාල රජ මහා විහාරය පිහිටි කන්දයි.









මේ පහල සිටබලපුවාම ඉහලින් පෙනෙන බුදු මැදුර 








 මේ සිහිවටන පුවරුවක් 





මේ මල් වලින් අලන්කාරවී තිබෙන විහාරයට යන පියගැට  පෙළ 







ඊට පස්සේ අප ගියේ දෙල්ගමුව රජ මහා විහාරය වඳින්නයි. කුරුවිට ටවුම පහු වෙලා මහා පාරෙන් කිලෝ මීටරයක් විතර ඇතුලට යන්න ඕනෑ.   මේක ඓතිහාසික විහාරයක් වන්නේ  කෝට්ටේ යුගයේ තිබු අවිචාරවත් පාලන සාමය තුල අනාරක්ෂිතවූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පුරා වසර 46ක් තුල සඟවා තැබුවේ මේ විහාරස්ථානය තුල කුරහන් ගලක් ඇතුලේ නිසයි.

මේ තියෙන්නේ දෙල්ගමුව රජ මහා විහාරයේ ඉදිරිපස දසුනක්  






මේ තියෙන්නේ දෙල්ගමුව රජ මහා විහාරය පැත්තකින් පෙනෙන අන්දම.





ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සඟවා තැබූ කුරහන් ගල අද තැන්පත් කර ඇත්තේ මෙම මන්ඩපය තුලයි.






මේ පෙනෙන්නේ එම කුරහන් ගලයි. මේ ගලේ කවදාවත් කුරහන්,ධාන්‍ය  හෝ අන් යමක් අඹරා නැහැ. එය විශේෂයන් සාදා ඇත්තේ දන්ත ධාතුව සැඟවිමටයි. එකල විහාරස්ඨාන වල කුරහන් ගල් භාවිතා කර ඇත්තේ පිළිම නිර්මාණයට උවමනා සිනිඳු වැලි සකස් කර ගැනීමටයි. අපට මෙ විස්තර කියල දුන්නේ එම පන්සලේ වැඩ වසනා භික්ෂුන් වහන්සේ නමක් විසින්ය. 

පහල චායාරුප 3න් එම කුරහන් ගල දැක්වෙනවා. 





















මේ අපි අවසාන වරට නැරඹු බෝපත් ඇල්ල ගැන විස්තරයයි.කුරුවිට ඉඳලා අතුරු මාර්ගයේ කිලෝ මීටර 8ක් විතර යන්න ඕනෑ. මේ ඇල්ලට බෝපත් ඇල්ල කියල නම වැටිලා තියෙන්නේ බෝ පතක් මෙන් පෙනෙන විධියට දිය ඇල්ල ගලා බසින නිසයි. 


























මේ දිය ඇල්ලේ පහතින් තියෙන ජලාශයේ නාන අය 






මේ ඉන්නෙ දිය ඇල්ලේ විවිධ විතර සාකච්චා කරන අපේ කට්ටිය.





දිය ඇල්ල අසලින් සිටින සුනිල් සහ චන්ද්‍රා,ඈතින් සිනා සෙමින් ඉන්නා දැරිය නම් කවුද කියල දන්නේ නැහැ. 






මෙතැන් ඉන්නෙ සංචාරය සඳහා එක්වූ අපේ කට්ටිය. සමහර දෙනා එහෙ මෙහෙ යන නිසා සිව් වරක්ම සමුහ චායාරුප ගන්න උනා. 


















































Friday, October 24, 2014

අපේ වාර්ෂික චාරිකාව - පළමු කොටස



විදුදය කඳුරට මිතුරන්ගේ 2014 වසරේ අවසාන චාරිකාව මේ වසරේ ඔක්තෝම්බර් මස අවසානයට පැවැත්වීමට යොදා ගත්තේ අපේ  සාමාජිකයන් කිහිප දෙනෙකුම සිය දුදරුවන් බැලීමට වසරාවසානයේදී විදෙස්ගත වීමට කලින්ම සැලසුම් කර තිබුන නිසයි.  

මෙවර අප සංචාරය සඳහා තෝරා ගත්තේ උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමටයි.මිට අමතරව ඒ ගමන් ගමන්  මගේම තිබෙන සංඛපාල රජ මහා විහාරය,බෝපත් ඇල්ල, දෙල්ගමුව රජමහ විහාරය සහ සමන් දේවාලය  නැරඹීමද අපේ කණ්ඩායම අදහස් කළා. 
ගමන් විස්තරය පුරුදු පරිදි චායාරුප  මගින් විස්තර කරන්නයි අදහස් කරන්නේ.මේ ෆොටෝ සියල්ලම පාහේ ගත්තේ සුනිල් දිසානායක මහතා විසින්ය.
   

මේ අප ගමන ගිය බස් රථය. ඉදිරිපෙළ අසුනේ හිඳ සිටින්නේ සූරී සහ චන්ද්‍රා,ඊළඟ පේලියේ උඩුවාවල සහ හේරත්,උකුවෙල සහ සුනිල් පිටිපස්සේ දොර ළඟ ඉන්නවා පෙනෙනවා. 





අපි පලමුවෙන්ම රත්නපුරේ මා සමන් දේවාලයටයි ගියේ. දේවාලේ ඓතිහාසික ගල්පඩිපෙල සහ ඉදිරිපස දොරටුව පහතින් පෙනෙනවා.  



මෙතන තියෙන්නේ පැත්තකින් බැලු විට දේවාලය පෙනෙන අන්දමයි. ලොකු බඩක් දරා ගෙන ඒත් හැන්ඩියා වාගෙ ඉන්නෙ චන්දරේ තමයි.






මේ සමන් දෙවියන්ට පලතුරු පුජාවක් කරපු හේරත් ඒකෙන්  ආපසු ලැබුණු  කොටස මිතුරු මිතුරියන් අතරේ බෙදා දෙන අන්දමයි.





අපි කොහොම හරි වස්සට් ඉස්සරවෙලා උඩවලවේ ජාතික වනොද්‍යානය ඇතුලට ජීප් තුනකින් ගියා. මගදී වැස්සට අහු උනත් කලේ යෞවන් දැක ගන්නට ලැබුන නිසා ඒක එච්චර ගණන් ගත්තේ නැහැ.ඒත් වනොද්‍යානය ඇතුලේ පාර මද වෙලා තිබුන නිසා ගමන ටිකක් අපහසුවෙන් තමයි ගියේ.තැන් දෙකකදී විතර අපේ ජීප් එක ලිස්සලා ගියත් එකේ ටයර් හොඳට තිබුන නිසා ප්‍රශ්නයක් උනේ නම් නැහැ. 

මේ උඩවලවේ වනොද්යානයේදී අපිව ඉස්සරවෙලාම පිළිගත් මොනර රාජයා.ලස්සනයි නේද 


අලි රංචුව දුටුවේ අන්තිමටම වාගෙයි. මේ ඈතින් පෙනෙන සද්දන්තයෝ ටිකක්.














මොකටද ඈතට වෙලා විතරක් ඉන්නේ කියල මේ සද්දන්තයා නම් ළඟටම ආවා.














මෙතන ඉන්නෙ කෑම සොයා යන තවත් මොනරෙක් 













එක කොළයක්වත් නැති ගහක් උඩ  ඉඳගෙන මේ දෙන්නා මොනවාද දන්නේ නැහැ කරන්නේ  










මෙතන ඉඳල තියෙන්නේ අපේ පැදුරු පාටිය සහ රාත්‍රී ආහාර ගැනීමේ පින්තුරයි.පැදුරු පාටිය කිව්වට එතන පැදුරු නම් තිබුනේ නැහැ, එත සින්දු වතුර නම් ඇති තරම් තිබුන.කාන්තා පක්ෂයට නම් තිබුනේ sprit විතරයි.


































මෙතන සුනිල් සහ සූරී කොලයක් බලාගෙන වාර්තාවක් බලනවා වගේ පෙනේනුනත් එහෙම  නෙමෙයි සින්දුවක් කියනවා. උකුවෙල සහ මල්ලිකා යුවල සින්දු තොගයක් කුඩාවට ෆොටෝ කොපි කරලා ගෙනත් තිබුනා.













වැඩි විස්තර දෙවැනි කොටසෙන් ලියන්නම්.